தமிழ்
English
Contact
Friday 16th April 2021    
ආණ්ඩුව හයවැනි වරටත් කටුපොල් තහනම් කරනවා කිව්වට තාම තීරණය ගැසට් කරලා නැහැ - අඳුරත්විල චන්ද්‍රජෝති හිමි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුව හයවැනි වරටත් කටුපොල් තහනම් කරනවා කිව්වට තාම තීරණය ගැසට් කරලා නැහැ – අඳුරත්විල චන්ද්‍රජෝති හිමි



වත්මන් රජය කටුපොල් තහනම් කරන බවට 6 වන අවස්ථාවටත් ප්‍රකාශ කර ඇතත් කටුපොල් තහනම ගැසට් කරන ලෙසට වන ඉල්ලීම් තවමත් නොමැති බව පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමි පවසයි.

එම හිමියන් පැවසුවේ මෙම ජයග්‍රහණය පරිසර සංවිධාන දිස්ත්‍රික්ක 5ක ජනතාව දිගින් දිගටම සටන් කර ලැබූ ජයග්‍රහණයක් බවයි. උද්ඝෝෂණ කරමින්, බලධාරීන්ට ලිපි යොමුකරමින්, ජනාධිපති කාර්යාල වෙත යමින් සිදුකළ අරගලයේදී සිරගතවීමට, අධිකරණ කිහිපයක නඩුවලට පෙනී සිටීමට සහ කටුපොල් සමාගම්වල බලපෑම්වලට ලක්වීමට සිදුවූ බව චන්ද්‍රජෝති හිමි පවසා තිබේ.

චන්දජෝති හිමි වැඩිදුරටත් පවසන්නේ එම අරගලයට ඇත්ත ජයග්‍රහණයක් ලැබීමට නම් ගැසට් මගින් කටුපොල් තහනම් කළ යුතු බවයි.

එම හිමියන් මේ බව පැවසුවේ ඊයේ(06) දිනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.