தமிழ்
English
Contact
Friday 14th May 2021    
PCR පරීක්ෂණ වැඩිකිරීමට සහ රෝහල්වල ඇඳන් සංඛ්‍යාව වැඩි කිරීමට කැබිනට් අනුමැතිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

PCR පරීක්ෂණ වැඩිකිරීමට සහ රෝහල්වල ඇඳන් සංඛ්‍යාව වැඩි කිරීමට කැබිනට් අනුමැතිය



කොවිඩ් වසංගත තත්වය ඉහළ‍ ගොස් ඇති බැවින් කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය ඉහළ දැමීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මේ වනවිට PCR පරීක්ෂණ සඳහා දෛනික ඉල්ලුම 20,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙළිවිය.

මේ අතර පවත්නා අවදානම් සහගත තත්වය හමුවේ මෙරට රෝහල්වල ධාරිතාවය ඉහළ දැමීමටද තීරණය කර තිබේ. ඊට අදාලව රෝහල් ඇඳන් සංඛ්‍යාව 3000 කින් වැඩි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කර කැබිනට් සන්දේශය සඳහා කැබ්නට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.