தமிழ்
English
Contact
Wednesday 23rd May 2018    
රොටුඹ පොලිසියේ නිලධාරීන් විසින් පහර දීමෙන් දෙදරු පියා රෝහල්ගත කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රොටුඹ පොලිසියේ නිලධාරීන් විසින් පහර දීමෙන් දෙදරු පියා රෝහල්ගත කරයි



මාතර බෙන්ගමුව ප්‍ර දේශයේ පුද්ගලයෙකුට සිය නිවසේදී පසුගිය 26 වැනිදා රාත්‍රියේ රොටුඹ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් පහරදුන් බවට චෝදනා එල්ලවී තිබේ.

මේ වන විට කඹුරුපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන පහරකෑමට ලක්ව ඇත්තේ කමල් නිශාන්ත නමැති 28 හැවිරිදි දෙදරු පියෙකි. නිවසේ පසුපස දොර කඩා නිවසට ඇතුලු වූ පොලිස් නිලධාරීන් මෙම පහරදීම සිදුකළ බවට නිවැසියෝ චෝදනා කරති.

පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ හිසට සහ කනට තුවාල සිදුව ඇති බවත් මීට පෙරද පොලිසිය අදාළ පුද්ගලයාගේ නිවසේ ගංජා ඇති බවට පවසමින් සෝදිසි කිරීමට මෙලෙස පැමිණි බව ඥාතීහු පවසති.