தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
පොලිසියෙන් රහස් තොරතුරු පිටවීම ගැන ජනතාවට අවවාද කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොලිසියෙන් රහස් තොරතුරු පිටවීම ගැන ජනතාවට අවවාද කරයි



(TopNews) පොලිස් ඔත්තු සේවා ලියවිල්ලක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කිරීම අපරාධමය වරදක් බව දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් ජනතාව වෙත අවවාද කර ඇත.

ඒ නිවේදනයට අනුව, දැනට සමාජ මාධ්‍යජාල ඔස්සේ සංසරණයවන බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් ඉදිරිපත් කළ බව සඳහන් ලිපිය ප්‍රචාරය කිරීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

මේ නිසා පොලිසියේ ඔත්තු සේවාවලට අයත් ලේඛනයක් මෙසේ පිටවීමේ දෝෂය ජනතාව මත පටවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් ආකාරයකට එම ලේඛනය පතුරුවාලීමෙන් වළකින ලෙසයි.

පොලිසිය තුළම මෙවැනි රහස්‍ය ලිපියක වගකීම පැහැර හැර ඇති තත්ව‍යක් මත එහි වරද ජනතාව මත පැටවීමේ හාස්‍යජනක තත්වය පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වටහා ගනු ඇතැයි අපි විශ්වාස කරමු.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනය
සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන ලිපිය