தமிழ்
English
Contact
Monday 24th June 2019    
අද සවස 4.00 සිට හදිසි තැපැල් වර්ජනයක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අද සවස 4.00 සිට හදිසි තැපැල් වර්ජනයක් !



තැපැල් සේවකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් අාණ්ඩුව විසින් දුන් පොරොන්දු ඉටු නොවීමත් පවතින දුෂ්කරතා සම්බන්ධව කිසිදු මැදිහත් වීමක් නොකර නිහඩතාවය පවත්වාගෙන යාමත් පිළිබද විරෝධය දක්වා වැඩවර්ජනයකට යාමට ඒ්කාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ තීරණය කර අැත.

මෙම වර්ජනයට වෘත්තිය සමිති 23ක් නියෝජනය කරමින් තැපැල් සේවකයන් 23000ක් සහභාගිවන බව ඒම පෙරමුණ පවසයි. ඒ් අනුව, කොටුව මධ්‍යම තැපැල් හුවමාරුවේත් දිවයින පුරා ප්‍රධාන තැපැල් කාර්යාල 653ක සහ උප තැපැල් කාර්යාල 3410ක තැපැල් සේවක සේවිකාවෝ අද(12) සවස 4.00 සිට වැඩවර්ජනයට ඒක්වෙති. විසදුමක් දෙනතුරුම මෙම වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන්නට අපේක්ෂා කරන බව වෘත්තිය සමිති ක්‍රියාකාරිහු පවසති.