தமிழ்
English
Contact
Saturday 26th May 2018    
අර්ජුන් මහේන්ද්‍රන් සහ රවි පිට වරද තබා අගමැති රනිල් ජාම බේරා ගනී ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අර්ජුන් මහේන්ද්‍රන් සහ රවි පිට වරද තබා අගමැති රනිල් ජාම බේරා ගනී !



 බැඳුම්කර අලෙවි කිරීමේ කොමිසම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද(20) බැඳුම්කර කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් විවෘත වෙන්දේසි ක්‍රමය පිළිබද තමන් එහිදී උපදෙස් දුන් බවද අගමැතිවරයා පවසයි.
 සභාපති විනිසුරු කේ.ටී චිත්‍රසිරි කල්තබා ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශ දෙක සම්බන්ධයෙන් එහිදී කළ ප්‍රශ්න කිරීමේදී අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන් ඇලෝසියස්ට පර්පචුවල් ට්‍රෙෂරීස්  සමාගමේ අධ්‍යක්ෂ ධූරයෙන් සහ එහි ව්‍යාපාර ක්‍රියාකාරකම්වලින් ඉවත් වන ලෙස දැනුම් දෙන්නැයි හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වෙත උපදෙස් ලබා දුන් බවයි.
 බැඳුම්කර අලෙවි කිරීමේ සෘජු ක්‍රමවේදයේ විනිවිදභාවයේ පැවැති ගැටළු හේතුවෙන් වෙන්දේසි ක්‍රමය භාවිත කරන ලෙස තමා හිටපු මහ බැංකු අධිපතිවරයාට උපදෙස් ලබා දුන් බව අග්‍රමාත්‍යවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ.  එහිදී පිළිපැදිය යුතු නෛතික රාමුව සහ ක්‍රියාදාමය හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් අනුගමනය කරනු ඇති බවට තමා විශ්වාස කළ බවද අගමැතිවරයා සාක්ෂි දෙමින් සඳහන් කර ඇත.  2015  වසරේ පෙබරවාරි 27 වනදා බැඳුම්කර වෙන්දේසියෙන් පසු අර්ජුන් මහේන්ද්‍රන් මහතා දුරකථනයෙන් අමතා වෙන්දේසිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ බව අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
 තමා පත් කළ කමිටුව සහ කෝප් කමිටුව අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කිරීමට තරම් නිඟමනයකට එළඹ නොතීබූ බව නීතිපතිවරයා යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රමාත්‍යවරයා තවදුරටත්  සඳහන් කර තිබේ