Posted on 09.10.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
බන්ධනාගාර ගතව සිටින රැඳවියකු රෝහල් ගත කිරීම සීමා කරමින් වෛද්‍යවරුන් තිදෙනෙකු නියමය අනිවාර්ය කර ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.
මින් පෙර රැඳවියකු රෝහල්ගත කිරීම සඳහා එක් වෛද්‍යවරයෙකුගේ නියමය පමණක් ප්‍රමාණවත් වූ අතර මෙම සංශෝධනය හරහා එය වෛද්‍යවරුන් තිදෙනෙක් දක්වා ඉහළ දමා ඇත.
එම වෛද්‍යවරුන් ලබා දෙන නිර්දේශ ඇතුලත් වෛද්‍ය වාර්තා වැඩි දුර විමර්ශනය සඳහා අමාත්‍යංශය වෙත ලබා දිය යුතු බවද රැඳවියන් රෝහල්ගත කිරීමේදී විශාල අක්‍රමිකතා සිදු වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් අවසානයේ බහුතරයක් වූ රැඳවියන් සඳහා අපහසුවෙන් හෝ ලබා ගැනීමට හැකිව තිබු අවස්තාවක් මෙලෙස වරප්රසාදිත සුළුතර පිරිසකට ලබා දීම තහවුරු කර ඇති බව මෙම සංශෝධනය හරහා පැහැදිලි වේ.