தமிழ்
English
Contact
Saturday 26th May 2018    
ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට එරෙහිව විරෝධය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට එරෙහිව විරෝධය



ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට ආණ්ඩුව ගත් තීරණයට එරෙහිව වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය විසින් අද(14) දින බත්තරමුල්ල වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

ලංකාවේ ව්‍යසනයක් බවට පත්ව ඇති වකුගඩු රෝගය සඳහා රාසයනික ද්‍රව්‍ය භාවිතය ප්‍රධාන සාධකයක් ලෙස මේ වන විටත් හඳුනා ගෙන ඇති අතර සමාගම් පිනවන, ජන ජීවිත වනසන ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමේ තීන්දුව වහා හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත විය.

රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුව 2015 ජුනි 11 දින කාබනික පොහොර රට පුරා ප්‍රවර්ධනය කරන බව පවසමින් ග්ලයිෆොසේට් පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදි. කෙසේ වෙතත් වගා කරන්නන්ගේ ඉල්ලීමක් අනුව බව පවසමින් මෙන්සැන්ටො නමැති බහුජාතික සමාගමේ ඉල්ලීමක් මත මෙම තහනම ඉවත් කරමින් තේ සහ රබර් වගාව සඳහා ඉවත් කිරීමට පසුගිය 9වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබුණි. මෙන්සැන්ටො බහුජාතික සමාගම විසින් 1970 වසරේ සිට වෙළදපළට හදුන්වා දුන් [N-(phosphonomethyl)Glycine] ග්ලයිෆොසේට් නමැති ඉහළ පරමාණුක බන්ධනයක් සහිත අධික විෂ රසායනික සංයුතියක් සහිත(C3H8NO5P) මෙම පොහොර විශේෂය මානව වර්ගයාගේ සෞඛ්‍යට ඉතා අහිතකර ලෙස බලපෑම් කරන බව පර්යෙක්ෂකයින් පවසයි. මේ වන විට ලොව පුරා රටවල් ගණනාවක සිදු කරන ලද පරීක්ෂණ වලින් අදාළ අහිතකර බලාපෑම සනාත වී ඇත.

මෙවැනි රාසයනික ද්‍රව්‍ය භාවිතය අඩු කරන බව ජනතාවට පොරොන්දු වෙමින් යම් තාක් දුරකට හෝ ඉවත් කර තිබු ග්ලයිෆොසේට් පොහොර භාවිතය සඳහා නැවතත් අනුමැතිය ලබා දීම තුලින්, ආණ්ඩුව බහු ජාතික සමාගම් පිනවීමට කටයුතු කරමින් සිටින බව පැහැදිළිව දක්නට ඇත.