தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
PTA යටතේ රඳවාගෙන සිටින පුද්ගලයන් ගැන නිර්දේශ දීමට උපදේශක මණ්ඩලයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

PTA යටතේ රඳවාගෙන සිටින පුද්ගලයන් ගැන නිර්දේශ දීමට උපදේශක මණ්ඩලයක්



ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම, නිදහස් කිරීම, ඇප ලබාදීම ඇතුළු ඉදිරි තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ සහ උපදෙස් ලබාදීම සඳහා උපදේශක මණ්ඩලයක් පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම උපදේශක මණ්ඩලය පත්කර ඇත.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණධීර පවසා ඇත්තේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව එම පත් කිරීම සිදුකර ඇති බවය.

හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වාගේ සභාපතිත්ව‍යෙන් යුත් මෙම උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව සහ විශ්‍රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන අය පත්කර තිබේ.

දීර්ඝ කාලයක සිට උපදේශක මණ්ඩලයක් පත්කර නොතිබීම හේතුවෙන් මෙතෙක් සිරගතව සිටින පිරිසට තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොතිබුණු බව රජය පවසයි.

මෙම උපදේශක මණ්ඩලය පත් කිරීමත් සමග එම සිරකරුවන්ට ඔවුන්ට ඇති ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බවද හරිගුප්ත රෝහනධීර පවසා තිබේ.

එහෙත් දේශපාලන විශේල්ෂකයන්ගේ අදහස වී ඇත්තේ මෙම උපදේශන සභාවේ යටි අරමුණ ඉදිරි සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මානව හිමිකම් කොමිසම ඉදිරියේ ලකුණු දාගැනීම බවයි.