தமிழ்
English
Contact
Saturday 18th August 2018    
රට පුරා දුම්රිය ගමන් නවතී - විසඳුමක් ලැබෙන තුරු අඛණ්ඩ වැඩවර්ජනයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රට පුරා දුම්රිය ගමන් නවතී – විසඳුමක් ලැබෙන තුරු අඛණ්ඩ වැඩවර්ජනයක්!



ආණ්ඩුව විසින් දුම්රිය සේවකයන්ගේ වැටුප් විෂමතාවට විසඳුම් ලබානොදීමෙ සහ බොරු පොරොන්දු දීම ගැන විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.
වැටුප් විෂමතාවට විසදුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරු, නියාමක ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් ඊයේ(08) පස්වරු 3.00 සිට හදීසි වැඩවර්ජනයක් ආරම්භ කළ අතර එයින් පීඩාවට පත් මගී ජනතාව වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට විරෝධය පළ කරමින් කොටුව දුම්රියපොළ අවට විරෝධතා දැක්වූහ. මෙම තත්වය නිසා ඊයේ රාත්‍රියේ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් හා යුද හමුදා ආරක්ෂාව යෙදීවීමටද පියවර ගැණුනු අතර මගී ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ආරක්ෂක අංශ විසින් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරනු ලැබීය. කෙසේවුවද කොළඹ කොටුවේ සිට මාතර දක්වා රාත්‍රී දුම්රියක් ධාවනය කෙරුණු අතර එයට පොලිස් නිලධාරීන්ගේද ආරක්ෂාව ලබාදී තිබිණි. ඊයේ දුම්රිය නොමැතිකමින් සිය ගම් බිම් කරා යෑමට නොහැකිව පීඩාවට පත් ඇතැම් මගීන් දුම්රිය මැදිරි තුළම ඊයේ රාත්‍රිය ගත කළ බව වාර්තා විය.

දුම්රිය වර්ජනයෙන් පීඩාවට පත් මගී ජනතාව වෙනුවෙන් ලංගම බස් යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.  මේ අතර අද පැවැත්වෙන උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක් ක්‍රියාත්මක කළ බවත්, වර්ජනය හේතුවෙන් මාර්ග බලපත්‍ර නොමැතිව බස් රථ ධාවනය කළ හැකි බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පැවසීය.