தமிழ்
English
Contact
Saturday 18th August 2018    
දුම්රිය වර්ජනයෙන් කොළඹ කොටුවේ උණුසුම් තත්වයක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දුම්රිය වර්ජනයෙන් කොළඹ කොටුවේ උණුසුම් තත්වයක් !



අද(8) සවස 3.00ට දුම්රිය ස්ථානාධිපති, පාලක, රියදුරු සහ නියාමක වෘත්තිය සමිති විසින් ආරම්භ කළ වර්ජනය නිසා දුම්රිය මගීන් දුෂ්කරතාවට පත්ව කොළඹ කොටුව දුම්රිය ස්ථානය අවට විශාල සෙනගක් එක් රැසිව උණුසුම් තත්වයක් හටගෙන තිබිණි.

කොටුව දුම්රිය නැවතුම්පොළේ සිටි දුම්රිය දෙපාර්තමේන්තු සේවකයකු මගීන්ගේ පහරකෑමට ලක්වූ බව පොලිසිය කියයි. ඉන්පසුව, කොටුව දුම්රිය ස්ථානය අසළට ජන ප්‍රහාරක රථ සහ පොලිස් කැරළි මර්දන ඒකකයේ නිලධාරීහු ද කැදවා තිබිණි. කිසිදු දුම්රියක් ධාවනය නොවීම නිසා මගීහු දැඩි අපහසුතාවට පත්වූ අතර මගීන්ට දුම්රිය ස්ථානයෙන් පිටතට යන ලෙස පොලිසිය දැනුම් දුන්නත් මගීහු පිටතට නොපැමිණි අතර ඔවුන් කළබලකාරි ලෙස හැසිරීමෙන් කොටුව දුම්රිය ස්ථානයේ දේපොළවලට ද අලාභ හානි සිදුව ඇත. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගයද මගීන්ගෙන් පිරීගොස් ඇති අතර වාහන ගමනාගමනාගමනය ද අඩාල වී තිබේ.

දුම්රිය නොමැතිකමින් පීඩාවට පත් මගී ජනතාව දුම්රිය ස්ථානය ඉදිරිපස මාර්ග අවහිර කරමින් රාත්‍රිය වන තෙක් විරෝධතාවක නිරත වූහ.