தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
කිසිදු රටක් සමග යුද සන්ධානයක් නෑ - ACSA ගිවිසුම ගැන රනිල් නොකියා කියයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කිසිදු රටක් සමග යුද සන්ධානයක් නෑ – ACSA ගිවිසුම ගැන රනිල් නොකියා කියයි !



ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් වත්මන් ආණ්ඩුව කිසිදු අවස්ථාවකදී විදෙස් හමුදාවක් සමඟ ගිවිසුම් හෝ සන්ධානගත වී නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඒය එසේ වුවද මිත්‍ර රටවල් සමඟ හමුදා පුහුණු වැඩසටහන් හා ඒකාබද්ධ යුද අභ්‍යාසවල යෙදෙන්නට ඒය බාධාවක් වී නොමැති බවද අද (31) අරලියගහ මන්දිරයේ පැවැති දෙවැනි ඉන්දීය සාගර සමුළුවේ ආරම්භක සැසිය අමතමින් අගමැති වික්‍රමසිංහ කීවේය.කිසිදු විදෙස් හමුදා කඳවුරක් රටේ ස්ථාපිත නොකරන බව කී ඔහු මෙරට වරාය සහ ගුවන් තොටුපොළ ආරක්ෂාව බාරව කටයුතු කරන්නේ ලංකාවේ ත්‍රිවිධ හමුදාව බව ද අවධාරණය කළේය. ඒසේ වුවද ඉදිරියේදී යම් රටවල් සමග ගිවිසුම් අත්සන් කරන්නේ නැති බවක් අගමැතිවරයා කිසිදු විට ප්‍රකාශකර නැත. කෙසේවුවද ඉන්දිය බුද්ධි කේන්ද්‍රයක් විසින් සංවිධානය කරන මෙම ඉන්දිය සාගර සමුළුව හෙට දිනයේ අැමතීමට නියමිතව අැත්තේ ඒක්සත් ජනපද රාජය දෙපාර්තමේන්තුවේ ඇලිස් වෙල්ස් නමැති කලාපීය රාජ්‍යතාන්ත්‍රික නියෝජිතවරියයි.
ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ 2007දී මහින්ද රාජපක්ෂ අාන්ඩුව විසින් ඒක්සත් ජනපදය සමග අත්සන් කළ ACSA යුද සහයෝගිතා ගිවිසුම දීර්ඝ කිරීමේ අපේක්ෂාව ගැන ඔහුම පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදුකර තිබියදීය. වත්මන් අාණ්ඩුව යටතේ ඒම ගිවිසුම අත්සන් කරන්නට සූදානම් වන්නේ කාලසීමාවක් ද නොමැතිවය. මේ වනවිට ඒක්සත් ජනපදය චීනය හා උතුරු කොරියාව සමග විවිධ මට්ටමේ ප්‍රතිවිරෝධතා අැතිව සිටින නිසා යුද උපායමාර්ගික පහසුකම් පිනිස ෙමම ACSA ගිවිසුම අත්සන් කිරීම යනු ඒක්සත් ජනපදයට වඩාත් බරපතළ කලාපීය උපායමාර්ගික අවශ්‍යතාවක් සපුරාගැනීමක් බව කලාපීය භූ දේශපාලනික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.