தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
ධෙෙර්ය සම්පන්න අාදර්ශයක් වූ රංජිත් කුලරත්න නික්ම යයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ධෙෙර්ය සම්පන්න අාදර්ශයක් වූ රංජිත් කුලරත්න නික්ම යයි!



වාමාංශික  දේශපාලන ව්‍යාපාර තුළ පවා කලාතුරකින් දක්නට ලැබෙන අාදර්ශයක් දුන් රංජිත් කුලරත්න සිය දුෂ්කර ඒහෙත් ධෙෙර්යසම්පන්නභාවයෙන් සිය ජීවිතයට සමු දී අැත.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තෝරාගත් ඔහු වාමාංශික ක්‍රියාධරයකු ලෙස සක්‍රියව සිටියදී සිය ජීවිතයේ දරුණුතම අත්දැකීමක් ලැබීය. 2007 වසරේ ජ.වි.පෙ. විසින් කොළඹ ෙහන්රි පෙද්‍රිස් පිටියේ (මෙය නගර සභා පිටියේ ලෙස සටහන් වී තිබීම නිවැරදිකරන ලදී) සංවිධානය කළ නියෝජිත සමුළුවක් සදහා  සැරසිලි ඉදි කරමින් සිටියදී ඔහු අැතුලු ජ.වි.පෙ. ක්‍රියාකාරින් තුන්දෙනෙක් ඉදිකිරීම් අට්ටාලයේ දෝෂයකින් ඒය සමග අැද වැටුණි. ඒහිදී තුවාල ලද අනෙක් සගයන් ඉක්මනින් සුවපත් වුවද රංජිත්ගේ සුෂුම්නාව බරපතළ ලෙස අාපදාවට ලක්ව තිබිණි. ඒ නිසා හදිසි අනතුරකට ලක්වීමෙන් පසු සිය ජීවිතයේ ඉතිරි කාලය රෝද පුටුවක ගෙවා දමන්නට ඔහුට සිදු ව තිබිණි. වාම දේශපාලනය නිසා සිරගතවීම්, වධකයන්ට මුහුණදීම් වැනි දුෂ්කරතා විද දරාගෙන අාදර්ශය දුන් විප්ලවවාදී ක්‍රියාකාරින් මෙන්ම ඒම දුෂ්කරතා දරාගත නොහැකිව ධෙෙර්ය සිදගත්තවුන්ද අපට හමු වේ. ඔහු දිගටම ජ.වි.පෙ ක්‍රියාකාරිකයකුව සිටියද විමතික දේශපාලන තීන්දු ගත් සහෝදරත්වයටද සුභපැතූ සැබෑ වාම ක්‍රියාකාරිකයකුද විය. ඒහෙත් ජීවිතයේ තෝරාගැනීම් නිසා වැනෙන සුලු තත්වයකට පත් නොවී ඉදිරියට යාමට තරම් ඔහුගේ ධෙෙර්ය නොසිදී තිබිණි. එපමණක් නොව ජිවිතයේදී එපමණ දුෂ්කරතාවකට අැද වැටුණද හුදකලාභාවයට අැදවැටීමේ පාඩම විසින් පවා ඔහු සසල නොවී ජීවිතය ඉදිරියට ගෙන යාමට සමත් විය. (ඔහු සමග අනතුරට ලක් වූ අනෙක් සගයන්ද දේශපාලන කටයුතු කරමින් සිටින බව අමතක කළ යුතු නැත.) වසර 11ක් එ් දුෂ්කරතා විදදරාගත් රංජිත් මේ වනවිට අප අතරින් නික්ම ගොස් අැත.

සාහිත්‍ය කෘති තුළ අපට හමුවන ධෙෙර්ය සම්පන්න දේශපාලන වීරයන් සමග සසදන්නට නොව අාදර්ශයක් ලෙස කියවා ගන්නට රංජිත් කුලරත්න අවසානයේ සිය ජීවිත ගමන අවසන් කර අප වෙත විප්ලවවාදී ශෝකයක් ඉතිරිකර දමා නික්ම ගොස් අැත. ඔහුගේ ජීවන අරගලය අවසන් වුවද තවමත් අවසන් නොමැති අාදර්ශය විප්ලවවාදී දේශපාලනයේ නිරතවන ඔ්නෑම අයකුට වර්තමාන දුෂ්කරතා පියමං කරයාමට මනා අාලෝකයකි.

රංජිත් කුලරත්න විරු සමරුවකදී