தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
උත්සව සමයේ සහල් මාෆියාවේ කරළ පැහේ - ගෝඨාට රැවටුණු ජනතාව යළි පරාදයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උත්සව සමයේ සහල් මාෆියාවේ කරළ පැහේ – ගෝඨාට රැවටුණු ජනතාව යළි පරාදයි !



සහල් මාෆියාව පරාජය කරන බවට පුරසාරම් කියමින් පැමිණි ගෝඨාභය-මහින්ද පාලනය නැවතත වරක් එය ඉදිරියේ දණින් වැටී සහල් ආනයනය කරමින් සහල් මිල පාලනය කිරීමට පියවර ගෙන ඇත.

මේ වනවිට වෙළඳ අමාත්‍යංශය විසින් දේශීය සහල් සැපයුම්කරුවන්ගෙන් සහල් සැපයුම සඳහා මෙන්ම ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය හා මියන්මාරයෙන් සහල් ආනයනය කිරිමට මිල ගණන් කැඳවා ඇත. එළඹෙමින් පවතින සිංහල-තමිල් අලුත් අවුරුදු උත්සව සමයේ සහල් මිල ඉහළ නංවා අධික ලාභ ලැබීම සහල් මායොවේ අරමුණ බව පැහැදිලිය. සහල් තොග ඇණවුම් කළද ඒවා මෙරටට පැමිණෙන විට දේශීය සහල් අධික මිල ගණන්වලට හෝ පාරිභෝගිකයන් මිලයට ගනු ඇත. සහල් ව්‍යාපාරිකයන් කිහිප දෙනකු අත ඇති ඒකාධිකාරය පාලනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසමත්ව ඇත්තේ ඔහුට නව ලිබරල් ධනවාදයේ වෙළඳපොල ලාබ ක්‍රියාන්විතය වෙනස් කිරීමට සමත් විකල්ප නොමැති නිසාය.

කුමන පාලකයකු පැමිණීයද පවතින ක්‍රමයේ වෙනසකින් තොරව මෙම ගැටලුව විසඳිය නොහැකි බව ජනතාව දැනුවත් විය යුතු යැයි අප යෝජනා කරන්නේ එබැවිනි.