தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
2015ට පෙර පැවතියේ දඩයක්කාකරයාගේ ආරක්ෂාවයි - රොහාන් ගුණරත්න කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

2015ට පෙර පැවතියේ දඩයක්කාකරයාගේ ආරක්ෂාවයි – රොහාන් ගුණරත්න කියයි



රාජපක්ෂ පාලනය යටතේ මෙරට ජාතික ආරක්ෂාව තීන්දු කෙරුණේ දඩයක්කරුවන්ගේ ක්‍රමයට බව අන්තර්ජාතික ත්‍රස්තවාදය පිළිබඳ මහාචාර්ය රොහාන් ගුණරත්න පවසයි.
ජූනි 8 වැනිදා මහනුවර පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් අප්‍රේල් 21 ප්‍රහාරයට ආරක්ෂක අංශවල ඇති වගකීම සහ දේශපාලන නායකත්වයේ දුබලතා පෙන්වා දෙමින් රොහාන් ගුණරත්න එසේ පවසා ඇත.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු සදහන්කර ඇත්තේ 2015 පෙරද සහරාන් කණ්ඩායම පිළිබඳ ඇතැම් තොරතුරු තිබුණ නමුත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේදී විශාල වෙනස්කම් තිබුණු බව ඔහු කියා සිටියේය. අප්‍රේල් 21 සිදුවීමේදී දුබලතා ඇතිවන්නට හේතුව 2015 සිට රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ව්‍යුහයේ තත්ත්වය පහළ දැම්ම බව ඔහු එහිදී දෝෂාරෝපණය කර ඇත.
ඔහු ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක අමාත්‍යංශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් දඩයක්කාරයන්ගේ ආරක්ෂක ක්‍රමය ගැන මෙසේ සදහන් කළේය.
“2015 ට පෙර ජාතික ආරක්ෂාව මෙහෙයවපු අයගේ මානසිකත්වය තිබුණේ දඩයම් කිරීමටයි. නමුත් අද ජාතික ආරක්ෂාව මෙහෙයවන අය හැසිරෙන්නේ ධීවරයෙක් වගේ. ඒ අය ඇම දාලා මාළුවා ඇවිත් ඇම ගිලිනකම් බලාගෙන ඉන්නවා.“
ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් දඩයක්කාර භූමිකාවක් තිබුණු බවට ඔහුට එරෙහිව චෝදනා කළ බොහෝ අවස්ථාවල අනාවරණය විය. අතුරුදන් කිරීම් හා පැහැර ගැනීම් සිදුකළ සමයක් ලෙස රාජපක්ෂ පාලනය 2015 ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අතර විශේෂයෙන් විරුද්ධවාදී දේශපාලන ක්‍රියාකාරින්, මාධ්‍යෙව්දින්, සිවිල් ක්‍රියාකාරිකයන් පැහැරගෙන යාම, අතුරුදන් කිරීම හා මරා දැමීම ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සිදුකරනු ලැබිණී. 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ හවුල විසින් පොරොන්දු වූයේ එකී අපරාධවලට වගකිවයුත්තන්ට දඩුවම් කරන බවය. එහෙත් ඒ පොරොන්දු කිසිවක් ඉටු නොකළ බවට චෝදනා එල්ල වී ඇත. රොහාන් ගුණරත්න දඩයක්කාරයන්ගේ ආරක්ෂක ක්‍රමය පිළිබද අවධාරනය කෙරෙන්නේ මේ පසුබිම තුළය.