தமிழ்
English
Contact
Monday 8th March 2021    
S & P ආයතනයක් ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

S & P ආයතනයක් ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමයි !



ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්‍ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ආයතනයත් ( S & P ) නිකුත්කළ නිවේදනයකින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම B- කාණ්ඩයේ සිට CCC+ කාණ්ඩය දක්වා පහත හෙළා ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළත් වී ඇත්තේ ඇංගෝලාව, ආජන්ටිනාව සහ බෙලීස් රාජ්‍යය ඇතුළත් වන කාණ්ඩයටයි.

පසුගිය සැප්තැම්බර් 28 වනදා මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් Caa1 කාණ්ඩය දක්වා පහළ දැමූ අතර නොවැම්බර් 27 වනදා ෆිච් රේටිංස් ආයතනය ද මෙරට ණය ශ්‍රේණිගත කිරීම් CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබිණි.

ඒ අනුව මේ වනවිට ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනම විසින් මාස 4ක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමා ඇත.