தமிழ்
English
Contact
Tuesday 22nd May 2018    
සයිටම් උපාධි කඩය වෙනුවෙන් කඩේ ගිය අැමතිවරුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ! - GMOA | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සයිටම් උපාධි කඩය වෙනුවෙන් කඩේ ගිය අැමතිවරුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ! – GMOA



මුදලට ෙවෙද්‍ය උපාධිය විකුණන සයිටම් අායතනය විසින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අැති කළ  අර්බුදය තුළ නෙවිල් ප්‍රනාන්දු නම් කෝටිපති ව්‍යාපාරිකයාගේ අරමුණ වෙන්වෙන් ප්‍රසිද්ධියේ ක්‍රියාකාරී වූ ඇමැතිවරුන් විසින් නියෝජනය කරන අාසන පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විසින් පරාජයට පත්කර අැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේපෙන්වා දෙයි.
සයිටම් අර්බුදය සංකීර්ණ කරමින් සිටින අැමතිවරු සම්බන්ධ තත්වය හෙළිදරව් කරමින් ඊයේ (12 දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී  ලේකම්වරයා මේ බව සදහන් කළේය. සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න බේරුවල ආසනයෙන් මෙන්ම කළුතර දිස්‌ත්‍රික්‌කයෙන් ද හිටපු උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා සිය මැතිවරණ කොට්‌ඨාසයෙන් මෙන්ම වර්තමාන උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල නායකත්වය ලබාදුන් මහනුවර දිස්‌ත්‍රික්‌කයෙන් ද පසුබෑමට ලක්‌ව ඇත. ඒපමණක් නොව සයිටම් ගැටලුව විසඳීමට ජනාධිපතිවරයා විසින් වගකීම පවරනු ලැබ ෙවෙද්‍ය ශිෂය මව්පියන් හමුවේ බොරු පොරොන්දු ලබාදුන් රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා ද සිය කෝට්‌ටේ මහ නගර සභා ප්‍රදේශයෙන් දරුණු පරාජයක්‌ ලබා ඇත.

අාණ්ඩුව විසින් සයිටම් ගැටලුවට ලබාදුන් ව්‍යාජ විසඳුම් ප්‍රතික්‌ෂේප කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් යෝජනා කරන විසඳුමක්‌ සඳහා වන පදනම පසුගියදා ප්‍රකාශයට පත්කළ බවද කී වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.