தமிழ்
English
Contact
Saturday 18th August 2018    
සමෘද්ධි නිලධාරීන් විරෝධතාවයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමෘද්ධි නිලධාරීන් විරෝධතාවයක



විශ්‍රාම වැටුප් නොලැබීම ඇතුළු ගැටළු 4ක් මුල්කරගනිමින් සමෘද්ධි නිලධාරීන් අද(09) දින සංකේත වැඩවර්ජනයක නියැළුණු අතර ඊට අදාළ උද්ඝෝෂණයක් ද සංවිධානය කර තිබුණි.

බත්තරමුල්ල දියත උයන මංසන්ධියට පැමිණි විරෝධතාකරුවන් සෙත්සිරිපායේ පිහිටි සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය වෙත පාගමනින් පැමිණ සිය ඉල්ලීම් ඇතුලත් සංදේශයක්ද භාර දීමට කටයුතු කරන ලදි.

සිය ගැටලුවලට පිළිගතහැකි විසඳුමක් ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජන ඇතුළු දැවැන්ත වෘත්තීය කිරියාමාර්ග වෙත ප්‍රවිෂ්ඨ වෙන බව මෙහිදී සමෘද්ධි නිලධාරීන් ආණ්ඩුවට අනතුරු අඟවමින් පැවසීය.

අවස්තා කිහිපයකදීම ආණ්ඩුවේ පාර්ශව විසින් විවිද පොරොන්දු ලබා දී තිබුනද මේ වන තෙක් සමෘද්ධි නිලධාරීන් 27000ක පමණ ප්‍රමාණය සහ සමෘද්ධි කළමනාකරුවන් 4000ක ප්‍රමාණය මුහුණ දෙමින් සිටින ගැටළු විසඳීම සඳහා මේ වනතුරුත් අවම මැදිහත්වීමක් කිරීමට ආණ්ඩුව අපොහොසත්ව ඇත.