தமிழ்
English
Contact
Thursday 1st October 2020    
“Shoplifters” බලන්න 20 මහජන පුස්තකාලයට එන්න | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

“Shoplifters” බලන්න 20 මහජන පුස්තකාලයට එන්න




ජපන් සිනමාවේදී හිරොකසු කොරෙයදාගේ අධ්‍යක්ෂණයක් වන “Shoplifters” ජාත්‍යන්තර සම්මාන දිනූ චිත්‍රපටය නරඹා විචාරක සංවාදයකට කොළඹ මහජන පුස්තකාලයට පැමිණෙන ලෙස සහෘදයන්ට ආරාධනා කරමු.

කොළඹ මහජන පුස්තකාල ලේඛක පාඨක සංසදය විසින් සංවිධාන කරනු ලබන මාසික සිනමා දැක්ම සහ සංවාදය යටතේ දෙසැම්බර් 20 වැනිදා පස්වරු 3.00ට චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන අතර සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ එම සිනමාපටය පිළිබඳ අදහස් දක්වයි.

2018 දී එළිදැක්වූ මෙම චිත්‍රපටය සුප්‍රකට කාන් සිනමා උලෙළේ Palme d’Or සම්මානය, ඇකඩමි සිනමා උලෙළේ වසරේ සිනමාපටය සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ චිත්‍රපටයකි.