தமிழ்
English
Contact
Sunday 2nd October 2022    
සිංගප්පූරු ගිවිසුම බේතක්ද, ලෙඩක්ද? - පෙ.ස.ප. පත්‍රිකා බෙදයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිංගප්පූරු ගිවිසුම බේතක්ද, ලෙඩක්ද? – පෙ.ස.ප. පත්‍රිකා බෙදයි



සිංගප්පුරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම විසින් ඇතිකරන ව්‍යසනකාරි ආර්ථික තත්වයන් සම්බන්ධ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයට අදාළ පළමුවැනි අත්පත්‍රිකා බෙදීම ඊයේ (17) සවස 3.30ට  කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ආරම්භ විය.
ජනතාවගේ විරෝධයන් නොසලකා හරිමින් සහ පවතින නීතිය පවා උල්ලංඝනය කරමින් රජය මගින් අත්සන් තබා තිබෙන සිංගප්පුරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ අනර්ථකාරීත්වය පිලිබඳව දීප ව්‍යාප්‍තව ජනතාව දැනුම්වත් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර තිබේ. එහි එක් පියවරක් ලෙස ඊයේ දින දිවයිනේ සියළු ප්‍රධාන නගර ආවරණය කෙරෙන අත්පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක් විසින් සංවිධානය කර   තිබිණි.