தமிழ்
English
Contact
Friday 15th November 2019    
සියලු වාමාංශිකයන් සහ ප‍්‍රගතිශීලීන් වෙත පෙ.ස.ප. ඇරැයුම් කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සියලු වාමාංශිකයන් සහ ප‍්‍රගතිශීලීන් වෙත පෙ.ස.ප. ඇරැයුම් කරයි!



ධනවාදී සමාජයක විනාශය කරා යන මිනිස් සමාජයට විසඳුම ලෙස ඇති එකම විකල්පය සමාජවාදය බැවින් මෙවර ජනාධිපති මැතිවරණයේ දී සමාජවාදී අපේක්ෂකයාට ඡන්දය ලබාදී සමාජවාදී ධජය එසවීමට සහායවන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය සියලු වාමාංශිකයන්ගෙන් ප‍්‍රගතිශීලීන්ගෙන් ඉල්ලා සිටියි.

පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදී මේ අදහස් පළ කළේය.
”මෙවර ජනාධිපති මැතිවරණය සඳහා ධනවාදී කඳවුර නියෝජනය කරමින් අපේක්ෂකයන් ගණනාවක්ම ඉදිරිපත් වී සිටිනවා. නමුත් ඔවන් හැමෝම අඩු වැඩි වශයෙන් එකම වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව පෙනී ගොස් තිබෙනවා. යම් යම් ප‍්‍රතිසංස්කරණ මඟින් මේ වන විටත් අර්බුදයට ගොස් ඇති දවසින් දවස කඩා වැටෙමින් තිබෙන නව ලිබරල් ධනවාදය පිරිපහදු කර නැවත ස්ථාපිත කිරීම එහි අරමුණ වී තිබෙනවා.
මීට පෙර සිංගප්පූරුව මලයාසියාව ඉන්දු නීසියාව වැනි රටවල් විසින් අත්හදා බලපු ආසියානු වටිනාකම් සහිත ධනවාදය ලෙස නාමකරණය වුණු වැඩපිළිවෙළක් තමයි ඔවුන් අවසාන වශයෙන් ඉදිරිපත්කර තිබෙනවා. එහි හරය ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් තොර ධනවාදය ලෙස හඳුන්වන්න පුළුවන්. වංචා දූෂණවලින් තොර යහපාලනය සඳහා නීතියේ අධිපත්‍ය තහවුරු කිරීම, පවුල් පාලනය සහ ඥාති සංග‍්‍රහ අනුමත කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් බටහිර සංකල්ප ලෙස බැහැර කිරීම සේවක අයිතිවාසිකම් වෙනුවට අසීමිත ලෙස සූරාකෑම සිදු කළ හැකි සේවක යුතුකම් හා වගකීම් හඳුන්වාදීම, දේශපාලන අධිකාරිය විසින් සකස් කරන ව්‍යාපෘති සැලසුම් කොන්දේසි විරහිතව, කි‍්‍රයාවට නගන නිලධාරි යන්ත‍්‍රණයක් ඇතිකිරීම සහ ඒ සඳහා ඔවුන්ට දේශපාලන රැුකවරණය ලබාදීම රජය මඟින් පෞද්ගලික අංශය නියාමනය කිරීම දැනට ඇති රජයේ සේවා සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කරගැනීම මෙහි ප‍්‍රධාන ලක්ෂණ ලෙස හඳුනාගන්න පුළුවන්. මෙම දේශපාලන අඩංගුව සහිත ජාතිකවාදී සහ සුභසාධනවාදී මුහුණුවරකින් ගෝඪාභය රාජපක්ෂ සහ සජිත් පේ‍්‍රමාදාස විසින් ඔවුන්ගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේනවා.
ජාතික ජන බලවේගය ඇතුළු අනෙකුත් අපේක්ෂකයන් තුන්වන මාවතක් ගැන කතා කළත් ආසියානු වටිනාකම් සහිත ධනවාදය සහිත වැඩපිළිවෙළින් කිසිසේත් වෙනස් වී නැහැ. 1977 සිට මේ දක්වා නව ලිබරල් ආර්ථික උපායමාර්ගයක එක දිගට ගමන් කළ රට, ඒ නිසාම ජනිත වූ දහසක් එකක් අර්බුද ඉහත ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමෙන් විසඳන්න බැහැ. අද ලංකාවේ පමණක් නොව, ගෝලීය මට්ටමින්ම ධනවාදය විසින් මානව සමාජයේ ඉදිරි පැවැත්ම අවදානමට හෙළා තිබෙනවා. ඊට ඇති එකම විකල්පය සමාජවාදය පමණයි. එය ඉතිහාසය විසින් ඔප්පුකොට තිබෙනවා. එය සඳහා වූ දේශපාලන වැඩපිළිවෙළ ශක්තිමක් කිරීම සඳහා සියලූ වාමාංශිකයන් සහ ප‍්‍රගතිශීලීන් එක් විය යුතුව තිබෙනවා.”