தமிழ்
English
Contact
Friday 20th July 2018    
බැදුම්කර ඩීල්කරුවන් හෙලිවන තෙක් ඉවසන්න - කථානායක, පාර්ලිමේන්තුව බේරාගැනීමේ වෑයමක! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බැදුම්කර ඩීල්කරුවන් හෙලිවන තෙක් ඉවසන්න – කථානායක, පාර්ලිමේන්තුව බේරාගැනීමේ වෑයමක!



මහබැංකු බැදුම්කර වංචාවට අදාළ විශේෂ ජනාධිපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු ඒකිනෙකාට මඩ ගසාගෙන පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි නොකරන ලෙස කථානායක කරු ජයසූරිය අාණ්ඩුවේ සහ විපක්ෂ මන්ත්‍රිවරුන්ට අායාචනා කරයි.

මෙම විමර්ශන වාර්තාව ජනාධිපති ලේකම් විසින් මන්ත්‍රිවරුන්ට බැලීමට පාර්ලිමේන්තුවට ලබාදුන් බව කීවද ඒහි කොටස් කිහිපයක් පාර්ලිමේන්තුවට ඒවා නැති බව අනාවරණය වීමෙන් පසුව කථානායකවරයා නැවත ලිඛිතව ඉල්ලා සිටියේ සමස්ත කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඒවන ලෙසය. මින් පෙර හෙළි වූයේ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවේ C-350 සිට C-360 දක්වා සභාවට ඒවැ ිනැති බවයි. ඒහෙත් කථානායකවරයා ජනාධිපති ලේකම්වරයාට දන්වා අැත්තේ C-1 සිට C-349 දක්වා කොටස්ද අැතුළුව සමස්ත විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට ඒවන ලෙසය. ඒහෙත් ඊට ප්‍රතිචාර ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු කථානායකවරයාට දැනුම් දී අැත්තේ ඒ් සමස්ත වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා අැති බවද ඒම උපදෙස් අනුව කටයුතු කරන බවත්ය.

කෙස්වෙතත් අාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට මූලික නීති සකස් කිරීමේ අායතනය හා මුදල් පාලන බලය ලත් අායතනය ලෙස පාර්ලිමේන්තුවට මෙම සම්පූර්ණ විමර්ශන වාර්තාව ලබා නොදීමද ඒය ඉල්ලා සිටින අවස්ථාවේදී නීතිපති උපදෙස් පැතීමද ගැටලුවකි.