தமிழ்
English
Contact
Thursday 21st June 2018    
පෞද්ගලික අධ්‍යාපනයට දිරි දෙන ශිෂ්‍ය ණය ක්‍රමය අසාර්ථකයි ! - අැමති කබීර් හෂීම් තවත් සති දෙකක් කල් දෙයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පෞද්ගලික අධ්‍යාපනයට දිරි දෙන ශිෂ්‍ය ණය ක්‍රමය අසාර්ථකයි ! – අැමති කබීර් හෂීම් තවත් සති දෙකක් කල් දෙයි !



2016 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ඒහෙත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් නොලැබූ සිසු සිසුවියනට උපාධි අධ්‍යාපනය සඳහා අාණ්ඩුව විසින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කළ ණය ක්‍රමය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී අැත.

උසස් අධ්‍යාපනය වකිණීම සදහා දිරිගැන්වීමේ රාජපක්ෂ අාණ්ඩුවේ ප්‍රතිපත්තිය යටතේ යෝජිත මෙම ණය ක්‍රමය 2015 වසරේ අාරම්භ කරන ලදී. මෙවැනි ණය ක්‍රමයක් සදහා අවසානයේ රාජ්‍ය අරමුදල් ලෙස වැය කරන්නට අාණ්ඩුව සූදානම් වන්නේ මහජන අරමුදල්ය. ඒහෙත් ඒම අරමුදල් වැය කරන්නට දිරිමත් කරන්නේ පෞද්ගලික අධයාපන අායතනවල ඉගෙනුම ලැබීම සදහාය. කෙසෙවෙතත් පෞද්ගලික අධ්‍යාපන ආයතන අටක පාඨමාලා 38 ක් හැදෑරීම සඳහා ලංකා බැංකුව මගින් මෙම ණය පහසුකම ලංකා බැංකුව මගින් ණය ලබා දීමට ඉල්ලුම් කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දී තිබූ කාලය තුළ කිසිදු ශිෂ්‍ය ඉල්ලීමක් ඒ් සදහා ලැබී ෙනාමැත. මෙම අසාර්ථක තත්වය වසාගන්නට ඒම කාලසීමාව තවත් සතියකින් දීර්ඝ කරන ලෙස උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් විසින්  අමාත්‍යංශ නිලධාරින්ට උපෙදස් දී අැත. සිසු සිසුවියන් 5000 ක් සඳහා මෙම ණය පහසුකම ලබා දීමට තීරණය කර ඇති අතර වසර හතරක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 8 ක ණය මුදලක්ද, වසර තුනක කාලයක් සඳහා ලක්ෂ හයක ණය මුදලක් ද ලබාදීමට අාණ්ඩුව සූදානම් විය. උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම ණය ක්‍රමය මුලින්ම හදුන්වා දුන් පසුගිය වසර්දීද කිසිදු ඉල්ලීම් ලැබී නැති අතර මෙවරද නියමිත කාලසීමාව ඉකුත්ව ගියද ණය ඉල්ලුම්පත් ලැබී නැත.

මේ අනුව අධ්‍යාපන අයිතිය විකිණීම පිණිස රාජපක්ෂ අාණ්ඩුව සැලසුම් කළ පිළිවෙතට අනුව හදුන්වා දුන් ශිෂ්‍ය ණය ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙනයන්නට නව උසස් ුධ්‍යාපන අැමතිවාරයාද සූදානම්ව පැහැදිලිය. රාජ්‍ය විශ්වවිද්‍යාලවල දේශන ශාලා, නේවාසිකාගාර වැනි පහසුකම් ඉහළ නැංවීමක් හෝ අාචාර්ය හිගය සහ වෙනත් අධ්‍යාපන පහසුකම් සැපිරීම තිබියදී ඒ් සදහා ප්‍රතිපාදන නොදී කප්පාදුකිරීම දිගටම සිදුකරයි. ඒ් අතර වානිජ අරමුණ මිස කිසිදු අධ්‍යාපනික අරමුණක් නැති සයිටම් වැනි අායතන පවත්වාගෙන යමින් ශිෂ්‍්‍යයන්ට ණය ලබාදී ඒම අායතනවල ඉගෙන ගන්නට අාණ්ඩුව විසින් මෙවැනි පෙළඹවීම්ද සිදු කරයි. මෙම තත්වය තුළ අධ්‍යාපනය අනාගත යහපත අරමුනුකරගත් ක්‍රියාදාමයක් ලෙස අාරක්ෂා කිරීමටත් මහජන අරමුදල් වංචනික අාකාරයෙන් යොදවනු වෙනුවට අධ්‍යාපන පහසුකම් දියුණු කිරීමට යොදවන්නටත් පාලකයන්ට බල කර සිටිය යුතුව අැත.