தமிழ்
English
Contact
Thursday 21st June 2018    
දින 10ක් රටටම බලපවත්වන හදිසි නීතිය ක්‍රියාත්මක කරයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දින 10ක් රටටම බලපවත්වන හදිසි නීතිය ක්‍රියාත්මක කරයි !



ෙතල්දෙනිය ප්‍රදේශයේ හටගත් ප්‍රචණ්ඩත්වය පැතිර යාමේ අවදානම නිසා ජනාධිපතිවරයා අද (6) උදයේ කැදවූ සාකච්ඡාකින් පසුව රටපුරා දින 10ක කාලයක් සඳහා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් තෙල්දෙණිය සහ පල්ලෙකැළේ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. එමෙන්ම තෙල්දෙණිය, දිගන සහ පල්ලෙකැළේ යන ප්‍රදේශවලට තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා තිබේ. පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිගන ප්‍රදේශයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ද පිටත් කර යවා අැත.

පහරදීමකින් පුද්ගලයෙකු මිය යාමත් සමඟ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුම් මුල් කර ගනිමින් නොසන්සුන් තත්ත්වයක් හට ගත් අතර, ඉන් පසු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ (05) පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබු අතර අද දින පල්ෙලකැලේ ප්‍රදේහයේ මුස්ලිම් තරුණයකුගේ මල සිරුරක් සොයාගන්නා ලදි.