தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
Staysafe කාගේ ආරක්ෂාවටද? Zoom සංවාදයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

Staysafe කාගේ ආරක්ෂාවටද? Zoom සංවාදයක්!



Staysafe මෘදුකාංගය සැබැවින්ම වසංගතය වැළැක්වීමේ කාර්යයක්ද යන්න සාකච්ඡා කෙරෙන සංවාදයක් හෙට(19) සවස Zoom තාක්ෂණයෙන් පැවැත්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය කටයුතු යොදා ඇත.

කොරෝනා මර්දන වැඩපිළිවෙලේ කොටසක් ලෙස ආණ්ඩුවෙන් හඳුන්වා දී ඇති මෙම මෘදුකාංගය ආයතනවලට ඇතුළත්වීමේදී පුද්ගලයන්ගේ තොරතුරු දත්ත ගබඩාවකට එක් කරගැනීමෙන් සිදුවන්නේ වසංගතය මර්දනය කිරීමේ කාර්යයක්ද නැතිනම් මර්දනකාරී පියවරක්දැයි මෙහිදී අවධානයට ලක් වේ.
මෙම Zoom සංවාදය සඳහා මහාචාර්ය සුමනසිරි ලියනගේ, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්, පුබුදු ජයගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රිනි(ජා.ජ.බ.) හරිනි අමරසූරිය සහභාගි වේ.

එම සංවාදය, facebook.com/frontlinesocialist ෆේස්බුක් පිටුවෙන් නැරඹිය හැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.