தமிழ்
English
Contact
Wednesday 23rd May 2018    
සෞඛ්‍ය අමාත්‍යංශ අකාර්යක්ෂමතාවෙන් හෘද රෝග සැත්කම් දෙසැම්බර් 1 වැනිදා සිට නවතී ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සෞඛ්‍ය අමාත්‍යංශ අකාර්යක්ෂමතාවෙන් හෘද රෝග සැත්කම් දෙසැම්බර් 1 වැනිදා සිට නවතී !



දෙසැම්බර් 1 වැනිදා සිට කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් නවතා දැමීමට වගකිව යුතු සෞඛ්‍ය අමාත්‍යංශයේ අකාර්යක්ෂමතාව බවට රෝහල් ආරංචිමාර්ග පවසයි.

මේ වනවිට ජාතික රෝහලේ හෘද රෝග වාට්ටුවේ ශල්‍යාගාර අලුත්වැඩියාවක් ආරම්භ කර ඇති අතර එම කටයුතු ප්‍රමාදවී ආරම්භ කිරීමෙන් මාස දෙකක පමණ කාලයක් ඇදී යාමේ තත්වයක් ඇතිව තිබේ. මේ අතර අනෙකුත් ශල්‍යාගාරවලට විෂබීජ ඇතුළුවීමේ තත්වයක් නිරීක්ෂනය කිරීම නිසා එම ශල්‍යාගාරවලින් සැත්කම් කිරීමට නොහැකිව තිබේ. මෙවැනි තත්වයක් තුළ හදිසි සැත්කම් කිරීමට පවා නොහැකි අවදානමක් ඇතිව තිබේ. සැත්කම් අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයේ වසර ගණනක් සිටින රෝගීන් වෛද්‍යවරුන්ට දෝෂාරෝපණය කළද ඔවුන්ගේ ජීවිත අනතුරුදායක තත්වයකට පත් කරමින් මෙවැනි තත්වයක් ඇතිකර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය නිසි පියවර නිසි වෙලාවට නොැනීම නිසා බව රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.

එසේම පිලිකා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයට මිලියන 200ක් එකතුකර දුන්නද එම යන්ත්‍රය මිලදී ගැනීමට වසර දෙකක් ගතවීම පවා සෞඛ්‍ය අමාත්‍යංශය නිසි මැදිහත්වීමක් නොකිරීමෙන් රෝගී ජීවිත බිලිදීමක්ව පවතී. වෛද්‍යවරු ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවක ප්‍රජාව විසින් ගෙන යන ජාතික සෞඛ්‍ය ක්‍රියාවලිය පිළිබද පෞද්ගලික කීර්තියක් අත්පත්කරගන්නට සෞඛ්‍ය ඇමතිවරයා පුරසාරම් කියමින් ලොව පුරා සංචාරය කලද රට තුළ රෝගී ජීවිත අවදානමට ලක්වීම පිළිබද ඔහු ඇතුළු ඔහුගේ අන්තේවාසිකයන් ආධිපත්‍ය දරමින් ගෙන යන ක්‍රියාදාමයේ අකාර්යක්ෂමතාව බලපා ඇත.