தமிழ்
English
Contact
Saturday 26th May 2018    
මුල්‍ය වංචාවක සැකකාර රුසියානු ජාතිකයා අතුරුදන්, අමෙරිකා - රුසියා නීති යුද්ධයකට ලංකාව පැටලේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මුල්‍ය වංචාවක සැකකාර රුසියානු ජාතිකයා අතුරුදන්, අමෙරිකා – රුසියා නීති යුද්ධයකට ලංකාව පැටලේ



අන්තර්ජාලය භාවිත කරමින් පරිගණකවලට අැතුළු වී මුල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධෙයන් ඒක්සත් ජනපද බලධාරින් විසින් ෙසායමින් සිටි රුසියානු ජාතිකයකු කොළඹ සිටියදී අතුරුදන්ව අැතැයි වාර්තා වේ.
මනොකින් ෙෆඩර් රවුෆොවික් නමැති 22 හැවිරිදි මෙම රුසියානු තරුණයා පුද්ගලික ගිනුම්වලට අැතුළු වී මුල්‍ය විශුද්ධිකරණය සම්බන්ධව ෆලොරිඩා අධිකරණයක චෝදනා ලබා අැත. කොළඹ මහාධිකරණයේ ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධ නඩුවක පාර්ශ්වකරුවන් ලෙස ඒක්සත් ජනපද රාජ්යන දෙපාර්තමේන්තුව සහ රුසියානු රජය ෙපනී සිටී. ඒක්සත් ජනපද අධිකරණයක ඔහුට ඒරෙහි චෝදනා විභාග කෙරෙණ බැවින් ඔහු ඒක්සත්ජනපද බලධාරින් වෙත භාර කරන ලෙස ඒරට තානාපති කාර්යාලය ඉල්ලා සිටි අතර රුසියානු ජාතිකයා සම්බන්ධ නෙෙතික අයිතිය තම රටට තිබෙන බැවින් ඔහු තමන් භාරයට පත් කළ යුතු බවට රුසියානු තානාපති කාර්යාලය ඉල්ලා අැත. කෙසේවෙතත් මහාධිකරණ නියෝග මත සතිපතා පොලිස් මූලස්ථානයට වාර්තා කළ යුතු වූ ඔහු දෙසැම්බර් 1 වැනිදා ඒසේ අවසන් වරට වාර්තා කළ පසුව අතුරුදන්ව අැත. මෙම අතුරුදන්වීම යනු ඔහු විසින් පළා යාමක්ද නැත්නම් කුමන හෝ රටකින් ඔහු හො රහසින් ෙගන ගියාද යන ගැටලුව මතුව අැත. විශේෂයෙන් රුසියානු හා ඒක්සත් ජනපද බුද්ධි අංශ විසින් ලෝකයේ මේ දක්වා සිදුකර අැති මෙහෙයුම් සළකන විට තමන්ට අවශය පුද්ගලයා රහසිගතව ගෙන යාමට අැති හැකියාව බැහැර කළ නොහැකිය.
කෙසේෙවතත් ලංකාවේ අධිකරණයක විභාගවන නඩු කටයුත්තක සැකකරුවකු ඒසේ පැහැරගෙන යාම මෙරට ව්යෙවස්ථාමය බලයට අභියෝග කිරීමකි. ඒක්සත් ජනපදය සමග ලංකාව අත්සන් කර අැති ගිවිසුම් අනුව ඒරටදී අවශ්ය වන පුද්ගලයකු භාර දෙන්නට ලංකා රජය බැදී සිටී. ඒපමණක් නොව රුසියාව සමගද ලංකාව අත්සන් කර අැති ගිවිසුම් අනුව ඒරටදී අවශ්යාවන පුද්ගලයකු භාර දෙන්නට ලංකා රජය බැදී සිටී. ලෝක බලවතුන් සමග අත්සන් කර අැති ගිවිසුම් අනුව මෙරට නීතියේ අාධිපත්යව හෑල්ලුවට ලක්ව අැති අතර සැකකරු අතුරුදන්වීම සම්බන්ධ විමර්ශනය අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට පැවරෙනු අැත.