Posted on 04.03.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඉන්දියාවේ දිල්ලි අගනුවර පැවති ‘ටබ්ලි-ඉ-ජමාත්’ ආගමික උත්සවයට ගිය විදේශිකයන් 960ක් අතර ලාංකිකයන් 33ක් සිටින බව ඉන්දිය පුවත්සේවා වාර්තා කරයි.
මේ පිරිස අතර අමෙරිකානුවන්, බ්‍රිතාන්‍ය ජාතිකයන්, චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන් සිටි බවද ඔවුන්ගේ වීසා අවලංගුකර ඉදිරියට ඉන්දියාවට ඇතුළුවීම තහනම් කෙරෙන බවද ඉන්දිය ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයකර ඇත.
මාර්තු 8 වැනිදා ආරම්භකර ඉන්දියාව පුරා ඇඳිරි නීතිය පැනවූ මාර්තු 24 වැනිදා දක්වා පැවති මේ ආගමික උත්සවයට සහභාගි වූ 2300ක් පමණ වූ මෙම පිරිස ඉන්පසුව ඉන්දියාවේ විවිධ ප්‍රදේශ කරා ගොස් ඇති බව පැවසේ. ඔවුන් අතර ඉන්දුනිසියානුවන් 379ක්, බංග්ලාදේශ ජාතික 110ක්, මියන්මාර ජාතිකයන් 63ක් සිටි බවද කියැවේ. මොවුන්ගෙන් ඇතැමුන් කොරෝනා ආසාදිතයන් බව පරික්ෂණවලදි අනාවරණය වී ඇත. මේ සියලු දෙනාගේ වීසා අවලංගුකර තහනම් පුද්ගලයන් ලෙස නම්කර ඇත්තේ ‘ටබ්ලි-ඉ-ජමාත්’ සංවිධානය තහනම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය.
කොරොන් වසංගතය හේතුවෙන් ඉන්දියාව පුරා දින 21ක ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමන් පසුව නවදිල්ලියේ නිසමුදින් මකාස් මධ්‍යස්ථානයේ ලැගුම්ගෙන සිටි විදේශිකයන් 250ක් සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඉන්දිය බළදාරින් ප්‍රකාශකර ඇත. මෙම ස්ථානයේ ආගමික උත්සවයට සහභාගි වූවන් අතර සිටි 300ක් දෙනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර සෙස පිරිස නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර ඇත.