தமிழ்
English
Contact
Monday 24th June 2019    
ගුරු හිඟය නිසා තමිල් දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා-සබරගමු පළාත්සභා මන්ත්‍රී බාස්කරන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගුරු හිඟය නිසා තමිල් දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා-සබරගමු පළාත්සභා මන්ත්‍රී බාස්කරන්



කෑගල්ල දිස්ත්‍රික්කයේ පවතින ගුරු හිඟය හේතුවෙන් දෙමළ පාසල්වල ප්‍රථමික අධ්‍යාපනය විශාල වශයෙන් කඩා වැටී ඇති බව සබරගමු පළාත් සභා අධ්‍යාපන අධීක්‍ෂණ මන්ත්‍රී අන්නමලේ බාස්කරන් පවසයි.

යටියන්තොට ප්‍රදේශයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන් වෙනුවෙන් පවත්වන ලද සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කරන ලදි.

එම දිස්ත්‍රික්කයේ දමිල පාසැල් 62 තුළින් වසරකට සිසුන් 1500ක පමණ ප්‍රමාණයක් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින බවත් ඉන් විභාගය සමත් වන්නේ සිසුන් 15ක්, 20ක් අතර ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බවත් මෙයට ප්‍රධානතම හේතුව සබරගමුව පළාතේ පවතින ගුරු හිඟය බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටින ලදි.