தமிழ்
English
Contact
Friday 16th November 2018    
ඉන්දියාවේ වසන ලාාංකික සරණාගතයන්‌ගේ ප්‍රශ්නය, ආණ්ඩුව විසින් ‌නොසළකා හැරලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්දියාවේ වසන ලාාංකික සරණාගතයන්‌ගේ ප්‍රශ්නය, ආණ්ඩුව විසින් ‌නොසළකා හැරලා!



ඉන්දියාවේ මධ්‍යම රජය හා තමිල්නාඩු පාලනය විසින් වරින්වර ලංකාවට බලපෑම් කළද ඒරට වසන ලාංකික සරණාගතයන් පිළිබද ප්‍රශ්නය ලංකාවේ පාලකයන් විසින් තවදුරටත් නොසළකා හැරි විෂයක් බවට පත්ව තිබේ.

මේ වන විට ලාංකික සරණාගතයින් 61 ,422 ක් තවමත් තමිල්නාඩුවේ සරණාගත කඳවුරු 107 ක රැඳී සිටින අතර කඳවුරු වලින් පිටත 35,316ක් පමණ තවත් ලාංකික සරණාගතයන් ජීවත් වන බවද තමිල්නාඩු රජය නිකුත් කළ නිල වාර්තා පවසයි.  ඔවුන් කර්ණාටක, කේරළ හා තමිල්නාඩු ප්‍රාන්තවල ජීවත් වෙති.

වරින්වර ලංකාවේ පාලකයන්ගේ තීන්දු නිසා පුරවැසිභාවය අහිමි කළවුන් ඉන්දියාවට පිටමං කිරීමේ සිට වෙනත් අවස්ථාවල ජාතිවාදී ැටුම් හා ඉන්පසුව යුද්ධය නිසා පළා යාමේ ස්ථානය වූයේ තමිල්නාඩුවයි. 1980 දසකයේ සන්නද්ධ ගැටුම් ආරම්භ  වීමත් ඉන්පසුව යුද්ධය පැවති 30 වසර පුරාම තමිල්නාඩුවට පළා යන්නට ලාංකික තමිල් ජනයාට බල කෙරිණි. 1983 කලු ජුලිය අවස්ථාවේ ආරම්භ වූ තමිල් සරණාගතයන් පළා යාම 1987 ඉන්දු ලංකා ගිවිසුම දක්වාම වරින්වර සිදු විය. ඒ් දක්වා තමිල් සරණාගතයන් 134,000 ඉන්දියාවට සංක්‍රමණය වී ඇති බව ගණන් බලා ඇත. ඒම සරණාගතයන් අතුරින් 25,000ක් පමණ නැවත පැමිණීම වරින්වර සිදුවුවද 1989 අගෝස්තු 25 ජාතිවාදී යුද්ධයේ දෙවැනි පියවර ආරම්භ වීමත් සමග යළි සරණාගතයන් ඉන්දියාව කර පළා යාම ආරම්භ විය. ඒවර සරණාගතයන් ලෙස 122,000ක් ලාංකික තමිල් ජනයා පළා ගොස් තිබෙන බව වාර්තාගතව තිබේ. කෙසේවෙතත් 1992 ජනවාරි 20 රජීව් ගාන්ධි ඝාතනයත් සමග සරණාගත ලාංකිකයන්ට නරක කාලයක් උදා විය. මේ නිසා ඔවුන් නැවත ලංකාවට පැමිණෙන්නට විය. ඒ් අවස්ථාවේ සමස්තයක් ලෙස ලංකාවෙන් පිටව ගිය 54,000 දෙනා නැවත සියරට පැමිණි බව වාර්තා විය. නමුත් ඒයද 1995 මාර්තුව වනවිට ඒම ක්‍රියාදාමය ආපස්සට කැරකී ජාතිවාදී යුද්ධයේ 3 වැනි පියවරේදී තවත් 23,000ක් තමිල් ජනයා සරණාගතයන් ලෙස ඉන්දියාවට පළාගියහ. ඉන් අනතුරුව 2002 සටන් විරාම ගිවිසුම පැවති කාලයේ යළි සරනාගතයන් මව්බිම කරා පැමිණියද 2007 නැවත යුද්ධය ආරම්භ වූ පසුව ගණනය කර නොමැති තරම් පිරිසක් ඉන්දියාවට පළා ගොස් ඇත. මේ සියලු දෙනා තමිල්නාඩුවේ ඇතැම් සරණාගත කදවුරුවල නිලවශයෙන් ලියාපදිංචි කර රදවනු ලැබ සිටින නමුත් තවත් පිරිසක් තමිල්නාඩුවේම විවිධ ස්ථානවල විසිර පදිංචිව දුක්බර ජීවිත ගත කරති. ඔවුන්ගේ ඥාතින් ලංකාවේ යුද්ධයේ අවසන් භාගයේදී අතිශය කුරිරු ඉරණමකට ලක් වූ අතර ඇතැමෙක් යුද්ධය අවසන් වූ පසුව සියරට බලා පැමිණියහ.

මේ අතර  2015 වසරේ සිට මේ දක්වා කාලය තුළ තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 3000ක් යළි ලංකාවට පැමිණ ඇතැයි තමිල්නාඩු රජය ප්‍රකාශ කර ඇත. ඒසේ වැඩිම පිරිසක් ඒනම් ලාංකික සරණාගතයින් 1520 ක් යළි ලංකාවට පැමිණ ඇත්තේ 2017 වසරේදීය. මේ වසරේදී මැයි මාසය දක්වා කාලය තුළ තවත් ලාංකිකයින් 577 දෙනෙකු ලංකාවට පැමිණි බවද ලාංකික සරණාගතයින් පිළිබඳ ඉන්දිය රජයෙන් නිකුත්කළ වාර්තාවේ ප්‍රකාශිතය.

ඒහෙත් ඒ් ආ විට ඔවුන්ගේ නිවාස බිමට සමතලා වී හෝ යුද ආරක්ෂක කලාප ලෙස වෙන්කරනු ලැබ තිබිණි. ඇත්ත වහයෙන්ම විශාල පිරිසක් මව්බිමේ සරණාගතයන් බවට පත්ව සිටිති. ඒක්සත් ජාතින්ගේ හා වෙනත් රාජ්‍ය නොවන සංවිධානවල අනුග්‍රහයෙන් සහ රජයේ නැවත පදිංචි කිරීම් වැඩසටහන් හරහා වුන්ට ලැබෙන පිහිටක් ඇති නමුත් ඉන්දියාවට පලා ගිය සරණාගතයන්ගේ ප්‍රශ්නයට සමස්ත වශයෙන් විසදුමක් සම්බන්ධ රජයේ අවධානයක් නැත. විහේෂයෙන්ම ඉන්දියාවේ වසන ජනතාවට ඒරටදී හැදුන්ම්පතක් පවා නැත. ඉන්දිය රජයෙන් ඔවුන්ට පුරවැසිභාවය දෙන්නේද නැති අතර යුද ගිනිමැද පණ බේරාගන්නට උමතුවෙන් මෙන් පළා ගිය පිරිසක් ලෙස ලංකාවේ පුරවැසියන් බව තහවුරු කිරීමට පවා ඔවුන්ට කිසිදු ලේඛනයක් නැත.