தமிழ்
English
Contact
Monday 28th August 2017    
බදු ගෙවීම ගැන පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කිරීමට යයි « Lanka Views | Views of the truth

බදු ගෙවීම ගැන පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කිරීමට යයි



බදු ගෙවීමේ සමාජ වගකීම සමාජගත කිරීම සඳහා ඒ පිලිබඳව පාසල් විෂය නිර්දේශයට කරුණු ඇතුලත් කිරීමට සුදානම් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා පවසයි.

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරන බවත් මීට අදාළ විෂය පථය මේ දිනවල සැකසෙමින් පවතින බවත් ඒවා යෝජනා ලෙස ඉදිරිපත් කරන බවත් කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවැසීය.

කෙසේ වෙතත් පවත්නා ආණ්ඩු වලට වුවමනා පරිදි යටහත් වහල් මානසිකත්වයෙන් යුත් අසංවේදී, අතාර්කික රොබෝවරුන් පිටපත් කරලීම සඳහා අධ්‍යාපනය බාවිතා කරමින් සිටින බවත් මෙලෙස විෂය නිර්දේශයට එකතුවන සහ ඉන් ඉවත්වන සියල්ල දීර්ඝ කාලීන අරමුණක ප්‍රතිඵල බවත් මේ හරහා පැහැදිලිව දක්නට ඇත.

වරින් වර පාසල් විෂය නිර්දේශ තුල පවතින තාර්කික කොටස් ඉවත් කිරීම, ඉතිහාස හා සාහිත්‍ය විෂයන් කප්පාදු කිරීම ආදී නොයෙක් ක්‍රියාමාර්ග මෙන්ම ආත්මාර්ථය, වහල් මානසිකත්වය තීව්‍ර කරන කරුණු ඇතුලත් කරමින් වත්මන් අධ්‍යාපනයෙහි දිශානතියම සකස් කරමින් සිටින්නේ එකී අරමුණ මුදුන් පමුණුවා ගැනීම සඳහා පමණි.

පසුගියදා පැවති උසස්පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රය තුලට පෞද්ගලික අධ්‍යාපන ආයතන වල වැදගත් කම පිළබඳව ප්‍රශ්නයක් ඇතුළත් කිරීමෙන්ද මෙය වඩාත් හොදින් තහවුරු වේ.