தமிழ்
English
Contact
Saturday 18th August 2018    
රජයේ මාධ්‍ය ආයතනවලින් දේශපාලන ප‍්‍රචාරය නොකළ යුතුය- හිටපු ජනාධිපති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රජයේ මාධ්‍ය ආයතනවලින් දේශපාලන ප‍්‍රචාරය නොකළ යුතුය- හිටපු ජනාධිපති



ජනතා බදු මුදලින් නඩත්තු කරන මාධ්‍ය ආයතනවලින් දේශපාලන ප‍්‍රචාරය නොකළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
හිටපු ජනාධිපතිවරයා පවසන්නේ එ.ජා.ප. විසින් රජයේ දේපළ වාහන යොදාගැනීම නතර කළ යුතු බවය. මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ රාජ්‍ය මාධ්‍ය දැඩි ලෙස රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතා අනුව භාවිත කළ බව හිටපු ජනාධිපතිවරයා සිහිපත් කර නැත.
වත්මන් ආණ්ඩුවේ පොරොන්දු අනුව රාජ්‍ය මාධ්‍ය සහ රජයේ දේපළ භාවිත කිරීම නොකළ යුතු මෙන්ම මින් පෙර රාජපක්ෂ ආණ්ඩුව විසින් කළ එවැනි රාජ්‍ය දේපළ අපහරණයන් සම්බන්ධව විමර්ශන කර වරදකරුවන්ට දඩුවම් දීම තවමත් සිදුව නැත. එසේම වත්මන් පාලනය එවැනි වැරදි සිදුකළ බව කියන මහින්ද රාජපක්ෂ තම පාලනය යටතේ සිදුකළ කිසිවක් අමතක කරන්නට අවශ්‍ය වුවද එය ජනතාවට අමතක ව නැත. විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය ජනාධිපතිවරණය හා් වෙනත් මැතිවරණවලදී අපහරණය කර නියමිත ගෙවීම් පවා නොකළ බව හෙළිදරව් වී ඇත.




Related News