தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
ජනාධිපති තමන්ගේ අඩුපාඩු හදා නොගෙන තේරීම් කාරක සභාව නවතන්න හදනවා - ටිල්වින් සිල්වා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති තමන්ගේ අඩුපාඩු හදා නොගෙන තේරීම් කාරක සභාව නවතන්න හදනවා – ටිල්වින් සිල්වා



ජනාධිපතිවරයා තමාගෙන් සිදුවූ වරද පිළිනොගෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධ තොරතුරු එළිදරව් වීම වැළක්වීමට උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලේකම්වරයා පවසන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම් පැහැර හැරියේ කවුරුන්ද යන්න දන ගැනීමට ජනතාවට අයිතියක් ඇති බවත් එය අවහිර කිරීම යනු ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝණය කිරීමක් බවයි.

එසේම මහින්ද පාර්ශවයද තේරීම් කාරක සභාවට සම්බන්ධ නොවීම හරහා ජනාධිපතිවරයාට සහාය දක්වමින් සිටින බව ටිල්වින් සිල්වා වැඩිදුරටත් පැවසීය.