தமிழ்
English
Contact
Wednesday 23rd May 2018    
දුම්රිය රියදුරන් වර්ජනයට සැරසේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දුම්රිය රියදුරන් වර්ජනයට සැරසේ



දුම්රිය රියදුරු සහායකවරුන් බන්දවගනීමේ පටිපාටියට විරෝධය ඵලකරමින් අද(05) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩව වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසයි.

මෙම දුම්රිය රියදුරු සහයකයින් බඳවා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් දිගින් දිගටම දුම්රිය සේවකයින් සිය විරෝධය ඵලකර තිබු අතර අවස්ථා කිහිපයකදීම ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග වලටද අවතීර්ණ විය.

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තු පාලනාධිකාරිය සහ ආණ්ඩුවේ පොරොන්දු මත අදාළ ක්‍රියාමාර්ග තාවකාලිකව හකුලා ගෙන තිබුණි.

මෙම ගැටළුවට නිවැරදි විසඳුමක් ලබා දීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් මෙලෙස වැඩවර්ජනයේ නිරතවන බව දුම්රිය රියදුරන් පවසයි.