தமிழ்
English
Contact
Monday 24th June 2019    
මානව හිමිකම් මහකොමසාරිස්වරිය ජනාධිපතිගේ මරණ දඩුවම් උනන්දුව ගැන අප්‍රසාදයෙන් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මානව හිමිකම් මහකොමසාරිස්වරිය ජනාධිපතිගේ මරණ දඩුවම් උනන්දුව ගැන අප්‍රසාදයෙන් !



මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් එවැන්නක් සිදුවීම ගැන කණගාටුවට පත් වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලේ ප්‍රකාශ කළාය.

ස්විට්සර්ලන්තයේදී ඊයේ (10) ආරම්භ වු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරය අමතමින් ඇය මේ බව ප්‍රකාශ කර කළාය. තවදුරටත් කරුණු දක්වමින් ලංකාව තුළ සංක්‍රමණික යුක්ති ධර්මය අර්ථවත් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වන ක්‍රියාකාරිත්වය ඉතා මන්දගාමී බවද හිමිකම් පිළිබද මහකොමසාරිස්වරිය ප්‍රකාශ කළාය.

ඒ සියල්ල මැද පවා අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම සහ එහි කටයුතු සක්‍රිය කිරීම සම්බන්ධයෙන් සැහීමකට පත් වන බව පැවසූ මහකොමසාරිස් බාචලේ ලංකාව තුළ මානව හිමිකම් සම්බන්ධයෙන් දිගුකාලීන ස්ථාවරභාවයක් ඇති කිරීම සඳහා බලධාරින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවද අවධාරනය කළාය.

සැප්තැම්බර් 28 වන දින දක්වා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරයේ දී ලංකාව සම්බන්ධයෙන් වාර්තා දෙකක් ඉදිරිපත් වීමට නියමිතය.