தமிழ்
English
Contact
Thursday 21st June 2018    
ලෝක මානව හිමිකම් සැසිවාරය අැරඹේ - ලංකාව පිළිබද වාර්තාව මාර්තු 21 ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලෝක මානව හිමිකම් සැසිවාරය අැරඹේ – ලංකාව පිළිබද වාර්තාව මාර්තු 21 !



ඊයේ (26) ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර දී ආරම්භ වු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසි වාරයේදී ලංකාව ඇතුළු සාමාජික රටවල් 47ක මානව හිමිකම් තත්ත්වය පිළිබදව ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සැසිවාරය සදහා ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් කොමසාරිස් සයිඞ් අල් හුසේන් විසින් ශ්‍රී  ඉදිරිපත් කරන්නට නියමිතව අැත්තේල මාර්තු 21 වන දාය. ඒම වාර්තාවට අදාළ මූලික ඉදිරිපත් කිරීම් මේ වන විටත්, ජිනිවා මානව හිමිකම් මණ්ඩලය වෙත ගොනු කර අැත. ලංකා අාණ්ඩුවේ වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සොයා බලන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් විසින් එකී වාර්තාවෙන් ඉල්ලීමක් කර තිබේ. නමුත්, ලංකා අාණ්ඩුව සිය කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය සමඟ ඵලදායී ලෙස කටයුතු කිරීම ජගත් මානව හිමිකම් කොමසාරිස් විසින් පැසසුමට ලක් කරන ලදී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කිරීමත්, ඒ යටතේ පවරා ඇති නඩු සම්බන්ධයෙන් විසදුමකට එළඹීමත්, පමා වී ඇති බව පෙන්වා දෙමින් ඔහු ලංකාව පිළිබඳ වාර්තාව ජිනිවා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.