தமிழ்
English
Contact
Thursday 21st June 2018    
අනධ්‍යයන සේවක අරගලය නිසා මාර්තු 15 සියලු විශ්වවිද්‍යාල අකර්මණ්‍ය වන ලකුණු ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අනධ්‍යයන සේවක අරගලය නිසා මාර්තු 15 සියලු විශ්වවිද්‍යාල අකර්මණ්‍ය වන ලකුණු !



විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් විසින් පෙබරවාරි 28 වැනිදා සිට ආරම්භ කළ අඛණ්‌ඩ වැඩ වර්ජනය සම්බන්ධයෙන් මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ නොලැබීම නිසා සියලුම අත්‍යවශ්‍ය සේවාවන්ගෙන් ඉවත් වීමට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ඊයේ (9) තීරණය කළේය.

මේ දක්වා අනධ්‍යයන සේවකයෝ වැඩවර්ජනය තුළ පවා සීමිත වශයෙන් සේවය කරමින් අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වූහ. ඒසේවුවද බලධාරින් විසින් කිසිදු ඉල්ලීමක් සම්බන්ධව නම්‍යශීලි පිළිවෙතක් නොගැනීම නිසා මාර්තු 15 වැනිදා සිට විශ්වවිද්‍යාලයන්හි ආරක්‍ෂක කටයුතු, ජලය හා විදුලිය සැපයීම, කෘෂි පීඨයන්හි සත්ව ගොවිපළවල සතුන් රැක බලා ගැනීම ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලින් අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයන් ඉවත් වනු අැත. මේ අතර අනධ්‍යයන සේවකයන් අත්‍යවශ්‍ය සේවාවන්ගෙන් ඉවත් වුවහොත් විශ්වවිද්‍යාල පවත්වා ගෙන යැමට නොහැකි බවද එහෙයින් අනධ්‍යයන කාර්ය මණ්‌ඩල ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්‌ඩුව අවධානය යොමු කළ යුතු යෑයිද උප කුලපතිවරු පවසති.