தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
ඇමරිකා තානාපති, ගෝඨාභය ගැන විමසීමට මහින්ද රාජපක්ෂ හමුවෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමරිකා තානාපති, ගෝඨාභය ගැන විමසීමට මහින්ද රාජපක්ෂ හමුවෙයි!



ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති අතුල් කෙෂොප්, පෙරේදා (10) පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂව කොළඹ විජේරාම මාවතහි පිහිටි හිටපු ජනපති නිල නිවසේ දී හමු වී ඇත.

මෙහිදී පැය එක හමාරක කාලයක් මොවුන් සාකච්ඡා කර ඇති අතර එම අවස්ථාවේ සාකච්චාවට වෙනත් කිසිවෙක් සහභාගි වී නැත. තානාපතිවරුන්ගේ නිල කාලයන් අවසන් වන විට ඒකී රටේ රාජ්‍ය නායකයන් ට සමුදීමේ සම්ප්‍රදායක් පවතින අතර එලෙස සමුදීමක් ලෙස මෙම හමුව වාර්තා වී ඇත. එහෙත් මෙම හමුව එවැනි නිල හමුවීමක් නොවන බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒකාබද්ධ විපක්ෂයෙන් ජනපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ නම් කරණ බවට වන ප්‍රචාරය නිසා මෙවැනි විශ්ෂ හා අසාමානය හමුවීමක සිදුවු බවට දේශපාලන අාරංචි මාර්ග සදහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් පුරවැසියෙක් වන බැවින් ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවද ඒබදු අවස්ථාවක ගෝඨාභය විසින් අමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත්වන්නට ඉල්ලා සිටීමක් අපේක්ෂා කළ හැකිය. මේ හේතුව නිසා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අමෙරිකානු තානාපතිවරයා මේ අාකාරයට ඒ්කාබද්ධ විපක්ෂයේ නායකයා සමග රහසිගත සාකච්චාවක් සදහා හමුවීම සිදු බවට දේශපාලන අංශ විශ්වාසය පළ කරයි.