தமிழ்
English
Contact
Monday 22nd April 2019    
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියක් ලංකාවට පැමිණේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියක් ලංකාවට පැමිණේ!



ඒක්සත් ජනපදෙය් ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් කොළඹට පැමිණීම සහ ඉන්දිය සාගර සමුළුව අැමතීම පිණිස සම්බන්ධවීම කලාපය තුළ භූ දේශපාලන බල අරගලෙය් තීරණාත්මක තත්වයක් ලෙස විශ්ලේෂකයන් විසින් පෙන්වා දී තිබේ.

අගෝස්තු 31 වැනිදා අාරම්භ වන ඉන්දිය සාගර සමුළුව සැප්තැම්බර් 1 වැනිදා අමතන්නට මෙසේ පැමිෙණන්නට නියමිතව අැත්තේ කලාපීය දේශපාලන කටයුතු පිළිබද රාජ්‍ය තාන්ත්‍රික හා බුද්ධි අංශ භාර නිලධාරිනියකි. ඒක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කර අැති අාකාරයට දකුණු මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් සහ ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය සදහා වන වැඩබලන විශේෂ නියෝජිත ඇලිස් වෙල්ස් පැමිණෙන බව වාර්තා වේ. තානාපති කාර්යාල වෙබ් අඩවිය තුළ පළ කර අැති අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශයක සදහන්වන්නේ  ආසියානු රටවල් කිහිපයක සංචාරයක් අතර වාරයේ දී ඇය මෙරටට පැමිණෙන බවයි.

වැඩබලන අමෙරිකානු සහකාර ලේකම්වරිය මෙරට රැදි සිටින කාලය තුළ රජයේ ඉහළ නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ ව්‍යාපාරික නායකයන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව තානාපති කාර්යාල වාර්තා දක්වයි. චීනය විසින් ‘ඒක් මාවතක්-ඒක් තීරයක්’ යනුවෙන් ඉදිරියට ගෙනයන පුලුල් භූ දේශපාලන හා අාර්ථික වැඩපිළිවෙළ අමෙරිකානු උවමනාවන්ට ඍජුව ගැටෙන තත්වයක් අැතිකරනු අැතැයි අපේක්ෂිතය. ඒ් නිසාම ලංකාව තුළ දේශපාලන හා අාර්ථික ක්ෂේත්‍රයේ ප්‍රතිපත්තමය කාරණා සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන්නට ඒක්සත් ජනපදයට අවශ්‍යව තිබේ.

නමුත් අැයගේ සංචාරයේ අරමුණ වන්නේ කලාපීය දේශපාලන බලතුලනයේදී ඉන්දියාව කේන්ද්‍ර කරගත් බලව්‍යුහයක් සංවිධානය කිරීම බවට මත පළ වී තිබේ. මේ වනවිටත් අැෆ්නිස්ථානය හා පාකිස්ථානය පිළිබද විශේෂ නියෝජිතවරිය වන්ෙන්ද අැයයි. මින් පෙර පාකිස්ථානයට හා ඉන්දියාවට ගොස් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වා අැති අැය ලංකාවට පැමිණ අගමැති රනිල් වික්‍රමසිංහ අැතුළ රාජ්‍ය නායකයන් මුණ ගැෙසනු අැතැයි අපේක්ෂිතය. විශේෂයෙන් ඒක්සත් ජනපදය සමග අත්සන් කිරීමට නියමිත යුද සහයෝගිතා ගිවිසුම (ACSA) සම්බන්ධ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වෙන් අැත. 2007 වසරේදී ඒවකට අාරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ලංකාවේ ඒක්සත් ජනපද තානාපතිවරයා අත්සන් කළ ඒම ගිවිසුම මේ වසරේදී කාල නියමයක් නොමැතිව දීර්ඝ කිරීමට ඒක්සත් ජනපදය අදහස් කරන බව මින් පෙර වාර්තා විය.

වැඩබලන අමෙරිකානු සහකාර ලේකම්වරිය ලංකාවට පැමිණීමෙන් පසුව සැප්තැම්බර් 1 වැනිදා ඉන්දිය සාගර සමුළුව අාමන්ත්‍රණය කිරීමත් ඒම සමුළුවට සහභාගි වන කලාපීය රටවල රාජ්‍යතාන්ත්‍රිකයන් සමග සාකච්ඡා කිරීමටත් නියමිතය. ඒක්සත් ජනපදයේ කලාපීය ඒ්ජන්ත භූමිකාවක් ඉටුකර ඉන්දදියාව විසින් සංවිධානය කරන මෙම සමුළුව මෙවර තේමාව ලෙස ගෙන අැත්තේ ‘ඉන්දියානු සාගර කලාපීය රටවල සාමය සංවර්ධනය සහ සෞභාග්‍යය’ පිළිබඳවයි. කෙසෙවෙතත් මෙම සමුළුව මේ වනවිට උත්සන්න වී අැති චීන-ඒක්සත් ජනපද බල අරගලයේ ඒක් ප්‍රකාශනයක් වනු අැති බවට විශ්ලේෂකයන් අනාවැකි පළ කර අැත.