தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
ට්‍රම්ප් කොරහත් බිඳගෙන යයි - එක්සත් ජනපදය පැරිස් සම්මුතියෙන් ඉවතට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ට්‍රම්ප් කොරහත් බිඳගෙන යයි – එක්සත් ජනපදය පැරිස් සම්මුතියෙන් ඉවතට!



ජනාධිපති ට්‍රම්ප් 2017 ගත් තීන්දුවකට අනුව, දේශගුණික වෙනස්වීම් අවම කිරීම පිළිබඳ පැරිස් සම්මුතියෙන් ඇමරිකා එක්සත් ජනපදය නිල වශයෙන් ඉවත්වී තිබේ.

2015 වර්ෂයේ දී ගෝලීය උනුසුම නිසා ඇතිවන දේශගුණ වෙනස්වීම් හා පාරිසරික හානි වැලැක්වීමට පැරිස් එකඟතාව අතිකරගන්නා ලදී. සියවස තුළ ගෝලීය උෂ්ණත්ව වර්ධනය සෙල්සියස් අංශක 2කට පහළ මට්ටමෙන් තබා ගැනීමේ පියවර ගැනීම එම සම්මුතියේ අදහස විය. ඒ අනුව, එක්සත් ජනපදය, චීනය, යුරෝපා රාජ්‍යයන් වැනි කාර්මික රටවල දායකත්වය අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් එක්සත් ජනපදය ලෝකයේ වැඩිම විෂ වායු විමෝචනයකරන කාර්මික රාජ්‍යය ලෙස සැලකෙන බැවින් එම ගිවිසුමට එක්සත් ජනපදයේ බැඳීම ලෝකයේ ජීවයේ පැවැත්මට පවා අත්‍යවශ්‍ය වේ.

මේ වනවිට පරාජය වෙමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අන්දමට සිය පාලන කාලය තුළ විශාල විනාශකාරී ප්‍රතිපත්මය තීන්දු ගත් අයකු ලෙස ඉතිහාසයට එක්වනු ඇත.