தமிழ்
English
Contact
Friday 29th May 2020    
ව්‍යාජ ජයග්‍රහණවලින් මුලා නොවී, ඇත්ත ජයග්‍රහණයක පෙරමග බලමු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ව්‍යාජ ජයග්‍රහණවලින් මුලා නොවී, ඇත්ත ජයග්‍රහණයක පෙරමග බලමු!



මීට වසර 11ට පෙරාතුව අද(18) වැනි දිනක උතුර නැගෙනහිර පැවති යුද්ධයේ අවසන් බව ප්‍රකාශ කරන ලද අතර ඒහෙත් උතුරේ හා නැගෙනහිර ජනයා අතුරින් යුද ගැටුමේදී මරණයට පත් වූවන් දහස් ගණනක් වෙනුවෙන් වේදනාව සහ වෛරය සටහන් විය.

2009 මැයි 18 නන්දිකඩාල් කලපුවේදී ඝාතනය කෙරුණු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සිරුර ප්‍රදර්ශනය කරමින් ආරක්ෂක හමුදා යුද ජයග්‍රහණයක් සලකුණු කළ අතර පසුදින(මැයි 19) යුද්ධය අවසන් කළ බවට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. පාලක පක්ෂයට දේශපාලන ප්‍රතිරූපයක් ඇතිකරගන්නට සහ රුපියල් කෝටි ගණනින් වැය කොට කටවුට් සවි කරමින් ව්‍යාජ දේශප්‍රේමයක් හරහා ජනතා මුදල් මතින් බලය තහවුරු කරගැනීමේ ව්‍යාපෘතියක ආරම්භය 2009 මැයි මස සටහන් කෙරිණි.

පළාත් සභා මැතිවරණ කොටස් වශයෙන් පවත්වමින් ඒ් වංචනික දේශපාලනයෙන් ජනතාව ව්‍යාජ ජයග්‍රහණවල ගිල්වා දමන ලදී. සොල්දාදුවන් පාලකයන්ගේ දේශපාලන දාම් පෙතක ඉත්තන් ලෙස මරණයේ දොරකඩට කැඳවන ලදී. ඉන් අනතුරුව උතුරේත් දකුණේත් නැගෙනහිරත් බටහිරත් වංචාවේ සලකුණුවලින් සත්‍ය හා මනුෂ්‍යත්වය මකා දමන ලදී.

ඇත්ත වශයෙන්ම  සොල්දාදුවන්ගේ දුක් පීඩා, ශාරීරික හානි, මානසික වියවුල් හා මරණය මැදින් ඔවුන්ගේ දරුවන්, බිරින්දෑවරු විඳි අහිමිවීම් සිය දහසක් මැද පාලකයන් ජය සැමරූ අතර ඔවුන් ඇදහූ සිංහල ජනතාව විසින් කිරිබත් කමින් ඒය තමන්ගේ ජයක් ලෙස සමරන ලදී. ඒහෙත් අදත් ඒ් ජය වෙනුවෙන් කෙරෙන සැමරුම් ජනතාවට ගෙනැවිත් ඇති ජයග්‍රහණ මොනවාද යන්න ගැන නිශචිත පිළිතුරු නැත.

රජයේ සේවකයන්, පෞද්ගලික අංශයේ සේවකයන් ඇතුළු කම්කරුවන්, වැඩි වැටුප් ඉල්ලන විට යුද්ධය අවසන්වන තුරු ඉන්නැයි කී නමුත් තවමත් අවම වැටුපෙන් ඔවුහු දිවි ගැට ගසා ගනිති. කොරොනා වසංගතයේදීද වැටුපෙන් පරිත්‍යාග කරන ලෙස පාලකයන් කියන විට ඔවුන්ට වර්තමාන පාලක කල්ලියේ අතීත ක්‍රියාමාර්ග අමතකය. ඒල්.ටී.ටී.ඊ. සන්නද්ධ තරුණ තරුණියන් ඉල්ලා සිටි විමුක්තිය හෝ දකුණේදී දේශප්‍රේමී අරගලයක තරුණයන් ඉල්ලා සිටි විමුක්තිය හෝ ඔවුන්ට ලැබුණේ උණ්ඩයෙන් හා සැහැසි මර්දනයෙන් බව මේ රටේ ජනතාවට අමතකය.

පාලකයනගේ ජයග්‍රහණය වෙනුවෙන් කොඩි ඔසවනු වෙනුවට ජනතාවගේ අවශ්‍යතා ඉටුවන දිනයක, නිම නොවන පීඩාවෙන්, වංචනික පාලනයෙන් හා රුදුරු මර්දනයෙන් මිදෙන ජයග්‍රහණයක් ගැන අපේක්ෂා ඇතිකරගන්නා ලෙසද ඒ් වෙනුවෙන් වැඩ කරන ලෙසද අපි ‘ලංකාවීව්ස්’ සහෘදයන් සැමගෙන් ඉල්ලා සිටිමු.