தமிழ்
English
Contact
Friday 16th November 2018    
සයිටම් අහෝසි කිරීමේ ජයග්‍රහණයෙන් ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය‘ බිහි වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සයිටම් අහෝසි කිරීමේ ජයග්‍රහණයෙන් ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය‘ බිහි වේ!



වෛද්‍ය උපාධිය මුදලට විකිණිම සිදු කළ සයිටම් ආයතනයට එරෙහි අරගලය ජයග්‍රහණය කිරීමෙන් පසුව ශිෂ්‍ය ව්‍යාපාරයේ හා සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරයේ ඉදිරි ගමන තීන්දු කිරීමේ සිසු ජන රැළිය අද (15) සවස 4.00ට කොළඹ, විහාර මහ දේවි එළිමහන් රංග පීඨයේ පැවැත්විණි.
සයිටම් අහෝසියි ! නිදහස් අධ්‍යාපන අරගලය නව මගකට“ යන තේමාවෙන් කැදවනු ලැබු මෙම සිසු ජන සමුළුව සයිටම් ආයතනය අහෝසි කිරීමේ ජයග්‍රාහී කඩඉමෙන් පසුව නිදහස් අධයාපනය ආරක්ෂා කරගැනීමේ අරගලය ඉදිරියට ගෙන යාම අරමුනු කරගත්තක් විය.
සයිටම් අරගලයෙන් පසුව වෙනත් අධ්‍යාපන පෞද්ගලිකකරණ ප්‍රයත්නයන්ට එරෙහි අරගලය පෙරට ගෙන යාම සහ ආණ්ඩුව විසින් වෙනත් ක්ෂේත්‍රයන්හි සිදුකරන ජනතා විරෝධී කටයුතුවලට එරෙහි අරගලයේදී සටන් කළ බලවේග අඛණ්ඩව සමබන්ධවීම පිණිස ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය‘ ලෙස මෙම ව්‍යාපාරයේ නම වෙනස් කිරීමට අද සමුලුවේ සහභාගිවූවන් ඒකමතිකව කැමැත්ත ප්‍රකාශ කරන ලදී.