தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
(Video) කොරෝනා රෝගීන් මිය ගිය පසු, සත්ව සිරුරු මෙන් කන්ටේනර්වල පටවති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

(Video) කොරෝනා රෝගීන් මිය ගිය පසු, සත්ව සිරුරු මෙන් කන්ටේනර්වල පටවති!



(TopNews) කොරෝනා මරණ සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් දක්වන නොසැළකිළිමත්භාවය තවදුරටත් සනාථ කරමින් මිය ගිය රෝගීන්ගේ මළ සිරුරු බල්ලන් බළලුන්ගේ සිරුරු මෙන් කන්ටේනර්වල තොග පිටින් පටවා ගෙන යන තත්වයක් උදා වී ඇත.

අද(14) උදයේ කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ කොරෝනා රෝගීන් පිරිසකගේ මළ සිරුරු තොගයක් කන්ටේනරයක දමා ගෙන යන්නට සූදානම් කර ඇති ආකාරය අපගේ වාර්තාකරුවකු විසින් වීඩියෝගතකර තිබිණි. (වීඩියෝ පටය පහත පළ වේ) දැඩි ආරක්ෂක රැකවල් මැද මේ කටයුතු සිදුකරන නිසා මාධ්‍යවේදීන්ට ඒ තත්වය සත්‍ය ස්වරූපයෙන් වාර්තා කිරීමට බාධා ඇති වේ.

මේ වනවිට කොරෝනා වසංගතය සම්බන්ධ ආණ්ඩුව විසින් ගෙන යන පිළිවෙත තුළ රෝගීන්ට නොසැළකිලිමත් ලෙස සළකමින් නිවෙස් තුළට වී සිටින ලෙස දන්වා ඇත. ඉන්පසුව රෝගී තත්වය උත්සන්න වූ විට ගිලන් රථයක් පවා නැති අවස්ථා ඇත. කුමන හෝ ආකාරයකට රෝගීන් අසාධ්‍ය තත්වයට පැමිණි විට රෝහල්ගත කළද ජීවිත බේරාගැනීම දුෂ්කර වන්න‌ේ එවැනි රෝගීන්ට නිරන්තර සෞඛ්‍ය සේවා පහසුකම් ලබා දීමට ආණ්ඩුව විසින් කටයුතු නොකිරීමේ බිහිසුණු තත්වය නිසාය.

රෝගී වූ අයකුට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ඇති අයිතිය අහිමිකරමින් නිවෙස් තුළ සිටීඹට බලකර ඇත්තේ රෝහල් ඇඳන් හෝ දැඩි සත්කාර පහසුකම් සපයන්නට තරම් ප්‍රතිපාදන ආණ්ඩුව විසින් වෙන්කර නැති නිසාය. මේ වසරේ සෞඛ්‍ය වැයශීර්ෂය 2020 වසරේ වැයශීර්ෂයට වඩා බිලියන 21කින් කප්පාදුකර තිබිණි.

මේ නිසාම කොරෝනා රෝගීන් මිය යාමෙන් පසුව සළකන ආකාරය සම්බන්ධව ආණ්ඩුවේ වගකීම ප්‍රශ්න කිරීමට වඩා රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධ ප්‍රශ්නය අවධානයට ගත යුතුව ඇත.