தமிழ்
English
Contact
Monday 22nd April 2019    
පලාත්පාලන මැතිවරනයෙන් තේරුණු නියෝජිතවරියන් ප්‍රචණ්ඩ ප්‍රතිචාරවලට ඉලක්ක වෙලා ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පලාත්පාලන මැතිවරනයෙන් තේරුණු නියෝජිතවරියන් ප්‍රචණ්ඩ ප්‍රතිචාරවලට ඉලක්ක වෙලා !



පසුගිය පළාත්පාලන මැතිවරණයට ඉදිරිපත් වී තේරීපත් වූ නියෝජිතවරියන්ට විවිධ ප්‍රචණ්ඩ තත්වයන්ට මුහුණ දීමට සිදුව ඇතැයි විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

මැතිවරණයෙන් ජයගත් කාන්තාවන්ට එරෙහිව විවිධ ප‍්‍රචණ්ඩත්වයන් මතු වෙමින් පවතින අතර දිවයින පුරා නොයෙක් ප‍්‍රදේශවලින් වාර්තා වන බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි. මේ පිළිබඳව ඒ ඒ පක්ෂවල ලේකම්වරුන්  සහ පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව මේ පිළිබඳව අවධානය යොමුවී ඇති නමුත් ඒ හේතුවෙන් පොලිස් ආරක්ෂාව ලබා දෙනු ලැබුවේද පෙබරවාරි 15 වැනිදා දක්වා පමණක් බවද දැනගන්නට ඇත. ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ නියෝජිතවරියන්ට සිදුව හිරිහැර තුළින්ම මේ රටේ කාන්තාවන්ට දේශපාලනයේ ඇති මූලික ගැටලුවක් අනාවරණය වේ.