தமிழ்
English
Contact
Saturday 16th February 2019    
විමල් වීරවංශ සහ අනුර දිසානායක මන්ත්‍රීවරු සීමාව ඉක්මවා ද්වේශ සහගත වාග් ප්‍රහාරයක ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විමල් වීරවංශ සහ අනුර දිසානායක මන්ත්‍රීවරු සීමාව ඉක්මවා ද්වේශ සහගත වාග් ප්‍රහාරයක !



අද දින පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති ‌ෙපෙරමුනේ නායක අනුර දිසානායක විසින් සිය කතාව කරන අතර ජාතික නිදහස් ‌පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් බාධා කළ විට ජ.වි.‌පෙ. නායකයා විසින් වීරවංශගේ පවුලේ සාමාජිකයන්ද සම්බන්ධ කරගෙන ද්වේශ ප්‍රකාශයක් සිදුකරන ලදී.
අනුර දිසානායක විසින් ඉන්ධන මි සම්බන්ධ ප්‍රකාශයක් කරගෙන යන අතර ඒම කතාවට බාධා කරමින් විමල් වීරවංශ මන්ත්‍රිවරයා ‘රටකට ඔ්නෑ අපමණ අගයක්’ වැනි ‌දේ කියමින් විකාරරූපි ‌ලෙස හැසිරෙන විට ජනතා විමුක්ති ‌ෙපෙරමුනේ නායකයා පවසා ඇත්තේ ශරීරය වර්ධනය වුවද ‌ෙමොළය වර්ධනය ‌නොවුවකු නිසා ඒවැනි ‌දේ අපේක්ෂා කළ හැකි බවය. ඒහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් වීරවංශ විසින් ‘පුංචි අම්මා’ වැනි වචන පාවිච්ඡි කරමින් අනුර දිසානායක ‌කෝපයට පත්වන ආකාරයට බාධා කරන ලදී. ඒයින් කිපුණු අනුර දිසානායක වීමල් වීරවංශගේ සහෝදරිය හා මව සම්බන්ධ කරගෙන තවදුරටත් ද්වේෂයෙන් ප්‍රතිචාර දක්වන්නට පටන් ‌ගෙන තිබේ.
ලංකාවේ පාර්ලිමේන්තුව තුළ තවදුරටත් මනුෂ්‍ය සදාචාරය ‌හෝ අන්‍යයන්ගේ මත ඉවසීම, ‌ඡන්දය දුන් ජනතාවගේ ගෞරවය ආරක්ෂා කිරීම වැනි යමක් සිදු ‌නොවන බවද අවම වශයෙන් මවකට ගරුත්වයක් ලබා ‌ෙනොදෙන තත්වයක් උද්ගතව ඇති බවද ‌ෙමෙයින් අනාවරණය විය. විහේෂයෙන්ම වීරවංශගේ බාධා කිරිම ගැන කරුණු දක්වමින් පාර්ලිමේන්තුව නැරඹීමට පාසල් දරුවන් පැමිණ සිටින බවද ‌පෙන්වා ‌දෙමින් ජ.වි.‌පෙ. නායකයා විසින් වීරවංශගේ පවුල සම්බන්ධයෙන් කල ප්‍රකාශය කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු විසින් මින් ‌පෙර ‌නොකළ අන්දමේ ආකාරයේ ප්‍රකාශයක් ‌බවටද කතාබහට ලක්ව ඇත.