தமிழ்
English
Contact
Saturday 26th May 2018    
නත්තල් ගසේ ඇත්ත තණකොළ පෙත්තාට.....(කවියක්) | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නත්තල් ගසේ ඇත්ත තණකොළ පෙත්තාට…..(කවියක්)



පෙරදිනක ගව මඩුවක

උපන් බිලිදෙක් අනිවාර්යයක

අහම්බයකට ගෙන ගොඩ නැගු කථාවක

විරයෙකි නුඹ අද සැමරූම් දිනයක

මජර පට්ට කුණුවෙච්ච

ගද සුවදකර සිඹින

ඇත්ත කනපිට ගසා සිටවු ගසක

ඇත්තටම ද වැසුවෙ මෙදින

ඇත්තටම විය හැකි දේ සබද

වින්දනය අහවර වු මොහොතක

කුණු ගොඩින් හෝ සොයා ගතහැකිවෙද

සැබැව…………………..

පියාඹනු හැකිතරම් විගස

නොයන බව දැනෙවි ඊළග සැමරුමට

ප්ලාස්ටික්වලින් තනා නුඹෙ රූවම

ඊළග සැමරුමට ගත හැකිය මිලට

වැලළි ගිය ඉතිහාස කථාවක

බොරූව පුම්බා සරසන බැලුමක

පිපුරූමක හඩ ඇසෙන විට

ඒව බලව නුඹට නුඹ හමුවේ ඒවිට

– විතා –




Related News