தமிழ்
English
Contact
Saturday 19th June 2021    
X Press Pearl නෞකාව සිදු කළ පාරිසරික හානිය මෙන්න! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

X Press Pearl නෞකාව සිදු කළ පාරිසරික හානිය මෙන්න!



X Press Pearl නෞකාවේ ගින්න හා ඒ නිසා හටගත් පාරිසරික හානිය සම්බන්ධයෙන් විවිධ පරිසරවේදීහු අදහස් පළ කරමින් එම ව්‍යසනයේ අවසන් ප්‍රතිඵලයේ බිහිසුනු බව පෙන්වා දෙමින් සිටී.
පහත පළ වන්නේ පරිසරවේදී කපිල මහේෂ් රාජපක්ෂ විසින් සිය ෆේස්බුක් ගිණුමෙන් පළ කළ විද්‍යාත්මක පැහැදිලි කිරීමකි.

(කරුණාකර උපුටාගැනීමේදී කර්තෘ අයිතිය සුරකින්න)

සායනික ද්‍රව්‍ය ඇතුලු බහාලුම් 1486ක් රැගෙන සිංගප්පුරු ධජය යටතේ යාත්‍රාකරමින් පැවති Express pearl නෞකාව කොලඹ වරායට පිවිසිම සදහා ආසන්නයේ නැංගුරම් ලා තිබියදි හටගත් ගින්න හා ඉනික්බිති පෙළගැසුනු සිදුවිම් දාමය අප අසමින් දකිමින් සිටින්නේය.

ගින්න පාලනය කර ගැනීමට සමත්වු බව වගකිව යුතු පාර්ශවයන් සදහන් කරන මුත් නෞකාවෙන් නිදහස් වු අතිමහත් රසායනික හා දැවුනු සුන්බුන් වයඹ දිග වෙරළ කලාපයේ සිට දිවයින පුරා වන නොගැඹුරු මුහුදු තිරයෙහි පැතිරෙමින් පවතී. එමෙන්ම දින හත අටක් තිස්සේ දැවෙමින් පැවති රසායනික බහලුම් ගුවනට මුදාහල දුෂිත වායු ප්‍රමානයද සුලු පටු නොවේ.

තත්වය මෙසේ තිබයදි ව්‍යයසනය විසින් ඇතිකර ඇති අති මහත් පාරිසරික බලපැම පිලිබද අදහසක් ලබා ගැනිම සදහා මෙම නෞකාවේ පැවති රසායනික හා ඒවායේ පිරිසර විද්‍යාත්මක බලපැම පිලිබද මුලික සලකා බැලිමක් කළ හැකිය.

සමුද්‍රිය පරිසර ආරක්ෂක අධිකාරිය පවසන පරිදි මෙම නෞකාව ගිනිගන්නා විට සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය ටොන් 25 ක්, සෝඩියම් මෙනොක්සයිඩ් විශාල ප්‍රමානයක් , මෙතනෝල්, කෝසිටික් සෝඩා,සහ අඩු ඝනත්ව පොලිතින් නිපදවිමට යොදාගන්නා Lotrene නැමති වෙලඳ නාමයෙන් හදුන්වන පොලිප්‍රොපේන් කාංඩයේ ප්ලාස්ටික් බිදිති හෙවත් plastic nurdles කිලෝ විසිහය දහසක් සහ රුපලාවන්‍ය කටයුතු සදහා යොදා ගන්නා නිශ්පාදන විශාල ප්‍රමානයක් බහාලුම් තුල ගබඩාකර තිබි ඇත.

මෙහිදි මෙහි වැඩිම ප්‍රමානයකින් අන්තර් ගතව පැවති නයිට්‍රික් අම්ලය පිලිබඳ සැලකුවිට එය ජීවි දේහයන් පටක ඔක්සිකරනයට ලක් කරන අතර ස්පර්ශ වුවහොත් ප්‍රබල පිලිස්සිමක් ඇති කල හැකි අම්ලයක් බව අප දනී. එමෙන්ම ලෝහ අතැලු වෙනත් බොහොමයක් පෘෂ්ටයන් ඛාදනයට ලක් කිරිමේ හැකියාව නයිට්‍රික් අම්ලය සතුය.

එමෙන්ම ජලයේ දියවිමේදි එම මාධ්‍යයේ pH අගය සීඝ්‍ර ලෙස පහත හෙලීමට නියිට්‍රික් අම්ලය දායක වන අතර දහනයේදි නයිට්‍රස් ඔක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් වැනි අම්ල වැසි ඇතිවිමට මුල් වන වායුන් නිදහස් විමේ අවදානමක්ද තිබේ. මෙසේ සාගරයේ පවතින අතිමහත් ජලදාරිතාව හා එහි ගතික ස්වබාවය හේතුවෙන් ජලයට එක්වන ප්‍රබල අම්ල හෝ භෂ්මයක් ඉක්මනින් තනුක වන අතර මුහුදු ජලයේ ඇති ස්වාරක්ෂක ගුනය මත pH අගය සැලකිය යුතු මට්ටමකින් වෙනසකට ලක්නොවි පවත්වා ගැනිමේ හැකියාවක් සාගරය සතුය. එනමුත් මුහුදේ එකවර ගිලිගිය බහුලුම් තුල ඇති නයිට්‍රික් අම්ලය මුහුදු පතුලේදි නිදහස් වුව හොත් මෙම තනුක වීම සිදුවන තෙක් ඒ ආශ්‍රත පරිසරයේ පවතින කොරල් කොරල් පර හා සත්ව කවච විනාශයට ලක් විය හැකි අතර ආම්ලිකත්වයට සංවේදි මතෂ්‍ය විශේෂ, පතුල ආශ්‍රිතව ජිවත්වන අපෘෂ්ඨවංශින් මෙන්ම නිමග්න ජලජ ශාක විනාශයට ලක් වීම අපේක්ෂා කළ හැක.

එමෙන්ම නයිට්‍රික් අම්ලය මුහුදුජලයේ ඇති ඇතැම් ද්‍රව්‍ය හෝ මෙම නෞකාවේ පැවති කෝසිටික් සෝඩා හා සොඩියම් මෙතොක්සයිඩ් වැනි ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා වීම තුල සාගර පතුල ආශ්‍රිතව නයිට්‍රෙට් මට්ටම ඉහලයාහැකි අතර එමගින් යම්කාලසිමාවකට පසු මෙම පරිසර පද්ධතියට දරාගත නොහැකි මට්ටමකින් ඇල්ගි හො සයනො බැක්ටිරියාවන්ගේ වැඩිමක්ද අපේක්ෂා කල හැකිය.එයද මුහුදු පතුලේ ජිවත්වන ජිවින්ට හානිකර තත්වයක් ඇතිකරයි.
මෙහි වැඩිපුරම පැවති අනෙකුත් රසායනිකය වන සෝඩියම් මෙතොක්සයිඩ් කාර්මික හා රසායනාගාර කටයුතු සදහා භාවිතාවන අස්ථායී මෙන්ම අනුතුරු දායක රසායනිකයකි. මෙම රසායනිකයේ විශ මට්ටම පිලිබද යම් අදහසක් ලබි ගැනිම සදහා එහි විෂ විද්‍යාත්මක දත්ත කිහිපයක් සලකා බැලිය හැකිය.

ඕනැම රසායනිකයක් වානිජ මට්ටමෙන් නිපදවන විට හා ප්‍රවාහනයේදි ළඟ තබා ගතයුතු ජාත්‍යන්තරව පිලිගත් ලේකනයක් සැම වානිජ රසායනිකයකටම ඇත. එය Material Safety Data Sheet(MSDS) නම් වන අතර එහි හදිසියකදි සැලකිලිමත්විය යුතු රසායනිකයේ සියලු තොරතුරු මෙන්ම විශමට්ටම් පිලිබඳ පාරිසරික පරාමිතින් ඇතුලත් කර ඇත.

මේ අනුව අප මෙම නැවේ පැවති සෝඩියම් මෙතොක්සයිඩ් හි MSDS ලේඛනය කියවූ අතර එහි පවතින රසායනික කාණ්ඩකරනය Danger හෙවත් අනතුරු දායක කාණ්ඩයේ සඳහන් විය. එයට අමතරව මෙවැනි හදිසි අනතුරකදි රසායනිකයෙන් පරිසරයට හො රසායනිකයට සෘජු ලෙසම නිරාවරනය ජීවියකුට ඇතිකරන විෂභාවය පිළිබඳ වන ජාත්‍යන්තරව පිලිගත් පරිසර විද්‍යාත්මක පරාමිතින් දෙකක් පවති. එය LD 50 අගය හා LC50 අගය ලෙස හඳුන්වයි.

මෙහි LD 50 යනු lethal doss හෙවත් මාරක මාත්‍රාව ලෙස හඳුන්වන මිනුමකි.මෙමගින් අදහස් වන්නේ මෙම රසායනිකය යම් සත්වයින් ඝහනයකට මුඛයෙන් ලබා දුන් හොත් එම සත්වයින්ගෙන් හරි අඩක් මිය මැයට ලබාදිය යුතු දේහ බර කිලෝග්‍රෑමයකට සාපේක්ෂ රසායනිකයේ ස්කන්දයයි.

එම අගය කුඩා වන තරමට රසායනිකයේ විශ බාවය ඉහළ බවකිව හැකිය. ඒ අනුව මෙම නැවෙහි පැවති සෝඩියම් මෙතොක්සයිඩ්හි LD 50 අගය 800mg/l ලෙස සදහන්වු අතර එය දරුනු ගනයේ විශ මට්ටමක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම LC50 නම් මිනුමෙන් අදහස් වන්නේ මාරක සාන්ද්‍රණයයි.

එනම් මෙම රසායනිකය ජලයට නිදහස් වුවහොත් එම මාධ්‍යයේ වෙසනෙ මත්ස්‍යයන් වැනි සත්වයකුගේ ගහණයකින් හරි අඩක් මිය යැමට දේහබර කිලෝග්‍රැමයකට සාපේක්ෂව පැවතිය යුතු සාන්ද්‍රනයි. මෙම නැවෙ පැවති රසායනිකයේ LC50 සදහන්වුයේ 346mg/l ලෙසය.
එයද සැලකියයුතු දරුනු විශමට්ටමකි. මෙම පරාමිතින් මගින් පෙන්නුම් කරනු ලබන්නේ මෙම රසායනිකයට මුහුනදෙන සත්වයකුට හෝ ශාකයකට බරපතල මාරක හානියක් ඇතිවිය හැකි බවය.එමෙන්ම මෙම විශ සත්වයාගේ වකුගඩු ඇස් හා ස්වාසනාලවලට සෘජු හානි ඇතිකල හැකි බව අදාල ලේකනයන්හි සදහන් ව ඇත.

කෙසේ වෙතත් මුහුදට එක්වීමේදි පෙරකී පරිදි ඉක්මනින් තනුක වීම නිසා මෙම රසායනිකයේ හානියද යම් කෙටිකාලයට පමනක් පැවතිය හැකි අතර එම කාලසිමාව තුල නිරාවරනය වන ජීවින් මිය යැම හෝ ඔවුන්ගේ ජෛවිය ක්‍රියාකාරිතවයන් විකෘතිවිම අපේක්ෂා කල හැකිය.
සොඩ්යම් මෙතොක්සයිඩ් නැමති මෙම රසායනිකයට ජලය එක් වීමේදි විශාල තාපදායි ප්‍රතික්‍රියාවක් සිදුකරමින් සෝඩියම් හයිඩ්‍රොක්සය්ඩ් නැමති ප්‍රබල භෂ්මය සහ මෙතනෝල් බහිවීම සිදුවේ.

මෙම මෙතනෝල් සත්වයින්ගේ ඇස් හා ස්නායු පද්ධතියට හාන් පමුනුවන අතර ගිනිගැනිමකටද ලක්විය හැකිය. සැබැවින්ම මෙම නැව නිවාදැමීමට ජලය එක්කිරිමේදි ගින්න තව තවත් ප්‍රබල වුයේ මෙම ප්‍රතික්‍රියාව සිදුවීම නිසා යැයි අනුමාන කළ හැකිය. මේවාට අමතරව නැවේ වැඩිපුර අංතර්ගතව පැවත් කෝස්ට්ක සෝඩා සහ මෙතනෝල් මුහුදු ජලයට එක්වීම කෙටිකාලීන නමුත් ප්‍රබල හානියක් ඇති කළ හැකිය.

ඉහත කී සියලු රසායනිකයන් විශසහිත නමුත් ඒවා ඉක්මනින් වියෝජනය වන බැවින් හානිය පැවතිය හැක්කේ යම් සිමිත කාලසීමාවකට පමනය. එසේ නමුත් මෙම නැවේ තිබී ගින්නට හසුව දැවිගිය අනෙකුත් රුපලාවන්‍ය නිශ්පාදන හා කිලෝ විසිහයදාහක් පමණ වූ ලොට්‍රින් නැමති ප්ලාස්ටික් අමුද්‍රව්‍ය බිදිති(පැලට්/ නර්ඩල්ස් )අපගේ වෙරල කලාපයට ඇතිකල හැකි බල පැම බොහෝ දිර්ඝ කාලයක් පැවතිය හැකිය.

දැවී ගිය සුන් බුන් හා ප්ලාස්යිටික් බිදිති වියෝංන ක්‍රියාවලියට අඩුම තරමින් වසර 25ක් වත් ගතවනු ඇත. එම කාල සිමාව තුල මෙම අපද්‍රව්‍ය නොගැඹුරු මුහුදු තිරය පුරා ව්‍යාපත වෙමින් මුහුදු පතුලේ ජිවින් හා ශාකවල වාසස්තාන වසාගනිම්න් පැතිරය හැකිය.

ලංකාවේ බටහිර වෙරළ කලාපයට කලු ගග හා කැලනිගග වාර්ශිකව ගෙන එන අතිමහත් වැලි සහිත අවාසාධිත ප්‍රවාහය සමග මෙම ප්ලාස්ටික් කැටිති මිශ්‍ර වී ස්තර ලෙස තැන්පත්විම නිසා ඉක්මනින් මුහුදු පතුලෙන් ඉවත්වීමක් බලාපොරොත්තු විය නොහැක.

එහෙන්ම මෙම ප්ලාස්ටික් කැටිති ආහාරයට ගන්නා මත්ස්‍යයන් වෙනත් මාංශ භක්ෂක මත්සයකුගේ ගොදුරු බවට පත්විම හරහා ක්ෂුද්‍ර ප්ලාසිටක් අංශුන් ආහාර දාම ඔස්සේ සාගර වාසි පක්ෂීන්ට හා අවසානයේ මත්ස්‍ය ආහාර සමග පැණ මිනිස් ශරීරයට ඇතුල්වීම වැලැක්විය නොහැක.

සාමාන්‍යයෙන් නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමග දිවයින අවට බටහිර වෙරළ කලාපයේ දියවැලි සක්‍රිය වෙමින් මුහුදු පතුලේ ඇත අවසාදිත දකුනේ සිට උතුරට ගලා යැම අපේක්ෂා කරයි. එසේ වුවහොත් මෙම ප්ලාස්ටික් කැටිති ඇතුලු සියලු දූෂක උස්වැටකෙයියාවේ සිට, ජාඇල, මීගමුව කලපුව, කල්පිටිය ආදි ප්‍රදේශ පසුකරමින් මන්නාරම දක්වා විහිදි යැම සිදුවිය හැක.

නමුත් මේ දිනවල අප දකින දිවයිනේ උතුරු දේසින් පැමිනෙන දියවැල් ප්‍රවාහය ඉහතකි සුපුරුදු ගලා යැම වෙන්වට දකුනු දෙසට ගලා ගොස් කලුතර,ගාල්ල මාතර ආදි ප්‍රදේශවල නොගැඹුරු මුහුදු තීරය සහ වෙරළ මත බලපෑමක් කරනු අපේක්ෂා කළ හැකිය.

මුහුදු ජලයේ අවලම්බිත හා පතුලේ තැන්පත්වු රසායනිකයන්ගේ බලපැම ජලයේ ගුනාත්මක තාවය වෙනස් විමට මුල්වන අතර එය සෘජුලෙසම සාගර ජිවින්ගේ ප්‍රජනන හැකියාවනට හා සත්ව චර්යාවන්ටද බලපැම් ඇති කල හැකිය. එමගින් මතස්‍ය ගහනය අඩුවීම තුළ ධ්වර කර්මාන්තයට දැඩි බලපැමක් එල්ලවීම නොවැලැක්විය හැකි අනතුරකි.

වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතින්ට මෙම සිදුවීම මගින් ඇති කළ හැකි බලපැම සැලකීමේදී ජලයේ දියවූ රසායනික හා වෙරළට ගසාගෙන පැමිණී අවලම්බිත අංශුන් වැඩපුරම තැන්පත්වන ගල්පර සහිත මුහුදු වෙරළ සහ එහි අන්තර් උදම් කලාපය නොගැඹුරු මුහුදේ ජෛව විවිධත්වය ඉහළම පරිසර පද්ධතියකි.

මෙම කලාපයේ පවතින ජලජ පැලෑටි, ඇල්ගි ශාක හා ප්ලවංග මෙම අවලම්බිත දූෂක තැන්පත්විම එම කලාපයේ ජෛව විවිධත්වයට දැඩි බලපැමක් ඇති කළ හැකිය. එමෙන්ම මෙම දූෂක වියෝජනය විම සදහා ජලයේ ද්‍රව්‍ය ඔක්ජසින් වැයවිම මත ඇති ද්‍රව්‍ය ඔක්ෂිජන් හිගය හා pH අගයේ විචලනයන් මීගමුව කලපුව වැනි ලවන වගුරු ආශ්‍රිතව ජිවත්වන Catadromous හෙවත් කරදිය හා කිවුල්දිය අතර සැරිසරමින් ජිවන චක්‍රය සම්පුර්න කරගන්න මත්ස්‍ය විශේෂ වලට හා ඉස්සන් පොකිරිස්සන් වැනි සත්වයින්ට මෙම බලපැම දැඩිව ඇතිකල හැකිය.

යම්කිසි ආකාරයකින් මළ සත්ව දේහ හා රසායනික අපද්‍රව්‍ය වෙරල ආශ්‍රිත කලපු වල එක්රැස්වීම කලපු සුපෝෂන තත්වයකට පත්විමට මුල්විය හැකි අතර එවැනි අවස්තාවකදි ජලයේ ක්ෂණික ඔක්ජසින් හිගයක් ඇතිකරමින් එකවර සිදුවන විශාල පරිමානයේ මත්සයින් මිය යෑමක් අපේක්ෂා කළ හැකිය.

© කපිල මහේෂ් රාජපක්ෂ