தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
‘X-press Pearl’ විනාශයෙන් වූ හානියට වන්දි ඉල්ලීමේ වගකීම ජනතාවට භාර දෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘X-press Pearl’ විනාශයෙන් වූ හානියට වන්දි ඉල්ලීමේ වගකීම ජනතාවට භාර දෙයි!



(TopNews) ‘X-press Pearl’ නෞකාව ගිනිගැනීම හේතුවෙන් හානියක් වූ පුද්ගලයන්ට තනි තනිවම වන්දි ඉල්ලා සිටීමේ අවස්ථාව ලබාදීමට තීරණය කළ බව අධිකරණ ඇමති අලී සබ්රි පවසයි.

මෙම ඛේදවාචකය නිසා මහත් පරිසර විනාශයක් මෙන්ම වානිජ වශයෙන් විහාල හානියක් සිදුව ඇති අතර ආණ්ඩුව විසින් ඒ වෙනුවෙන් වන්දි ඉල්ලීමක් මේ දක්වා සිදුකර නැත. අවම වශයෙන් සිදුව ඇති පරිසර විනාශය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන තත්වයක් නොමැත. මේ දක්වා ගණනය කර ඇත්තේ නැවේ ගින්න නිවීමේ හා ආපදා සහාය පිණිස ආණ්ඩුවට වැය වූ මුදල බවද වන්දි ලෙස ඉල්ලා ඇති ඩොලර් මිලියන 40ක මුදල එම පිරිවැය පියවීමට පමණක් ප්‍රමාණවත් බවද දැනගන්නට ඇත. කෙසේවෙතත්, අධිකරණ ඇමතිවරයා පවසන ආකාරයට සිදුව ඇති විනාශයෙන් පෞද්ගලිකව බලපෑම් ඇති වූ ජනතාව විසින් වන්දි ඉල්ලා සිටිය යුතු වේ.

ඇමති අලි සබ්‍රි පවසා ඇත්තේ “නෞකාවේ සිද්ධියෙන් ඇත්ත වශයෙන්ම පීඩාවට පත්වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා නම් ඔහුන්ට හිමිකම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලෙස නීතිපතිවරයා ඉල්ලීමක් කළ බවත් එම හිමිකම් පාන පුද්ගලයන් පිළිබදව කටයුතු කිරීමට තවත් කමිටුවක් පත්කළ බව”ය.
මේ වනවිට ඒ අන්දමින් වන්දි ඉල්ලා සිටීම සඳහා අවශ්‍ය ආකාරයට පුවත්පතවල සහ අනිකුත් මාධ්‍යවල දැන්වීම් පළකර ඇත.

මේ අතර වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසන්නේ සාමාන්‍ය ජනතාවගේ හානි සම්බන්ධයෙන් කටයුතු කිරීමට වරාය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ක්‍රියාත්මක වන බවකි.

වන්දි ඉල්ලීමට ජනතාවට පවරා ඇති පුවත්පත් දැන්වීම පහත පළ වේ.