தமிழ்
English
Contact
Saturday 19th June 2021    
X-Press Pearl නැව ගැන පළවූ ප්‍රවෘත්ති වැරදියි - නැව් සමාගමෙන් නිවේදනයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

X-Press Pearl නැව ගැන පළවූ ප්‍රවෘත්ති වැරදියි – නැව් සමාගමෙන් නිවේදනයක්



මේ වනවිට කොළඹට නුදුරින් ආපදාවට පත්ව ඇති නෞකාව සම්බන්ධ පළවන පුවත්වල සත්‍යතාවක් නැතැයි නැවට හිමිකම් කියන X-Press Feeders සමාගම නිවේදනය කරයි.

මෙම නැව අතුරට පත්වීමෙන් පසු වරායන් දෙකකට ඇතුළුවීම ප්‍රතික්ෂේප වී ඇති බවට පළ වූ පුවත් ප්‍රතික්ෂේප කරමින් නැව් සමාගමේ වෙබ් අඩවියේ අද දින ප්‍රකාශිත නිවේදනයට අනුව මෙම නැව තුළ බහලුම්වල අනතුරුදායක කාන්දුවීම් තිබියදී ඉන්දියාවේ හසීරා සහ කටාර්හි හමාඩ් වරායන් තුළ බහලුම් ගොඩබෑම සිදුව ඇත. කාන්දුවීම් සහිත බහලුම් සම්බන්දයෙන් සහාය එම වරායන්හිදි ඉල්ලා ඇති නමුත් විශේෂඥ සේවා නොමැතිකම නිසා නැව නැවත යාත්‍රා කිරීමේදී එහි නැවත අනතුරක් ඇති නොවන ආකාරයේ පියවර ගැනීමට නොහැකි වී ඇති බව නැව් සමාගම පවසයි. ඉන්දියාවේ සහ කටාර්හි වරායන් විසින් මෙම නැවේ කපිතාන්වරයා කළ ඉල්ලීම් ඉවත දැමුණු බවට පළ වූ පුවත් ඒ නිවේදනයෙන් ප්‍රතික්ෂේප කරයි. නැව කොළඹ වරායට පැමිණ ඇත්තේ සැලසුම් කළ ගමනාන්තයක් ලෙස බවද X-Press Feeders සමාගමේ නවතම නිවේදනයේ දක්වා ඇත.

කෙසේවෙතත් මේ වනවිට වාර්තා පළවී ඇති ආකාරයට අරාබි මුහුදේදී ඇසිඩ් කාන්දුව වාර්තා වීමෙන් පසු කටාර් හා ඉන්දිය වරායන් දෙකක සහාය ඉල්ලා සිටි බවත් ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප වූ බවත් පවසා තිබුණේ X-Press Feeders සමාගමේ විධායක නිලධාරිවරයා විසිනි.

X-Press Feeders සමාගම විසින් අද නිකුත් කළ නිවේදනය පහත පළ වේ.