தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
Xpress Pearl නෞකාවේ ඇත්ත හෙලිකළ තරුණයා රජය පෙරළන්න ගියාලු - අපරාධ චෝදනාවක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

Xpress Pearl නෞකාවේ ඇත්ත හෙලිකළ තරුණයා රජය පෙරළන්න ගියාලු – අපරාධ චෝදනාවක්!



(TopNews) Xpress Pearl නෞකාව ආණ්ඩුව දැනුවත්ව මෙරටට ගෙන්වා ඇති බවද ආණ්ඩුව එය ගිල්ලවා ඇති බවද මුහුනු පොතේ පළ කිරීම නිසා අක්මිමණ තොටගොඩ පදිංචි සුමුදු වෛද්‍යරත්න නමැති 28 හැවිරිදි තරුණයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇත.

රජය පෙරලිමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය බවට චෝදනා කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව දැනගන්නට ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ ‘මුහුදුබත්වු Xpress Pearl නෞකාව රජය විසින් ගෙන්වාගෙන ගිල්ලවා ඇති බවට’ සැකකරු සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර ඇති බවය. ජාතික ආරක්ෂාවට බලපාන තොරතුරු සැකකරු විසින් මුහුණු පොතේ පළකර තිබේදැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසුවිට ඔවුන් පවසා ඇත්තේ එවැනි දේ පෙළකර නොමැති බවය.

පසුව, රුපියල් ලක්ෂ පහ බැගින්වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිමටත් සැම මසක අවසන් ඉරුදින ගාල්ල පොලිසියේ පෙනි සිටින ලෙසටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කළේය.